මේසතියේ ග්‍රහ ගමන ඔබේ ආර්ථික රැකියා ව්‍යාපාරාදියට කරන බලපෑම!

(සති ලග්න පලාපල අප්‍රේ: 10 වන සඳුදා සිට අප්‍රේ: 16 වන ඉරිදා අතර )

ඔබගේ ලග්නාධිපතිගේ හා සඳු ග්‍රහයාගේ ගමන මත මෙය ඔබට ශුභා ශුභ මිශ්‍ර අයුරින් ගතවන අතර සතියේ මුල් දින 3 ට වඩා  අවසන් දින හතර ශුභඵලදායී වනු ඇත.  ඔබේ අපේක්ෂාවන් හා බලාපොරොත්තු කෙසේ හෝ ඉටුකර ගත යුතුය යන දැඩි අධිෂ්ඨානයෙන් යුතුව ඔබ කටයුතු කිරීම නිසා ඔබට මේ සතියේ ප්‍රයෝජනවත් වැඩ කටයුතු කිහිපයක සාර්ථක නිමාවක් දැකිය  හැකිවේ. තමාගේ තත්ත්වයෙන් උසස් වීමක් හා ආදායම් මාර්ගයේ දියුණුවක් ද පෙන්නුම් කරයි. දැඩි විශ්වාසයකින් හිතවතුන්ට හෝ සේවක සේවකාදීන්ට යම් යම් අයට භාරදෙන වැඩ ඔවුන් එය එතරම් වගකීමකින් ඉටුනොකිරීම හේතුවෙන් සිතට වඩා සතුටුදායක තත්ත්වයක් ඇතිනොවෙයි.

ජය අංකය :-02            සුබ වර්ණය :-  රීදී පාට

ලොතරැයි ජය උදෙසා සුබ ලග්න  ( මේෂ මෙන්ම, වෘෂභ)

ඔබට මෙම සතියේ මුල් දින තුන හැර සෙසු දිනයන්  එතරම් සුබදායි බවක් පෙන්නුම් නොකරයි. එසේම ඔබ මෙම සතියතු දී ගැටලු ප්‍රශ්න මතුනොවන අයුරින් කටයුතු කිරීමට සැලකිලිමත්වන්න. ජීවනෝපාය මාර්ගවලට අවහිරකම් යෙදේ. රාජකාරි ස්ථානය කෙරෙන් හෝ සමාජීය වශයෙන් තමාගේ තත්ත්වය පහත වැටීමට තුඩුදෙන වාතාවරණයක් පැනනගින බැවින් අවබෝධයෙන් අවධාරණයෙන් කටයුතු කරන්න. ශරීර සනීපයද අඩු කරයි. නිකරුණේ ඇවිදිලි යෙදේ. අනපේක්ෂිත ලෙස කරදර මතුවිය හැක. ලගරැදි මුදල් නැති වේ. ආදායම අඩු වේ. නිෂ්ඵල වියදම් වැඩි වේ.

ජය අංකය :- 08             සුබ වර්ණය :- රන්වන් පාට

ලොතරැයි ජය උදෙසා සුබ ලග්න  ( වෘෂභ මෙන්ම, ධනු )

මෙම සතිය මැද දින තුන තුල ඔබට සෑමදෙයක් ගැනම අලුත් ආකල්පයක් යටතේ සිත යොමු කිරීමට හැකිවේ. අධ්‍යාපන තරඟ විභාග කටයුතු කෙරෙන් ජයග්‍රහණ ලැබේ. ගණුදෙණු හා රාජකාරී ප්‍රශ්න විසදේ. තත්ත්වයට කාලයට අනුව නියම වටිනාකම ලැබෙන්ට හේතු තිබෙන බැවින් වෙළඳ බඩු ආදිය අලෙවි කිරීමට ඉදිරිපත් විය යුතු කාලය මෙයයි. සෙසු දින හතර සතුට, සැනසීම තුරන්වන දෑ සිදුවන්නේය. නිශ්ප්‍රයෝජන මෙන්ම වෙහෙසකාරී ගමන් යෙදීමටත් රෝගාබාධ වැළදීමටත් ඉඩ පවතින නිසා ශරීර ශක්තිය රැකගැනීමට හා වියදම් සීමා කර ගැනීම සඳහාත් සැලකිලිමත් වීම මැනවි. ඇතැම් අවස්ථාවල හිත මිතුරු, ඥාතීන් සම්බන්ධ කණගාටුදායක පුවතක් අසන්නට ලැබේ.

ජය අංකය :-11       සුබ වර්ණය :- මදටිය පාට රතු

ලොතරැයි ජය උදෙසා සුබ ලග්න ( මිථුන මෙන්ම, මේෂ )

ඔබගේ ලග්නය පරිදි යෝගකාරක ග්‍රහයින් බලයෙන් යුක්තව ගමන් කරන සතියක් නිසා ඔබට අධ්‍යාපන රැකියා ව්‍යාපාර මෙන්ම පවුලේ කටයුතු යනාදිය යථා පරිදි කරගෙන යාමට අවශ්‍ය උත්සාහය හා ධෛර්යය නොඅඩුව ලැබේ. මෙම සතියේ දී තමා නිරත වන වෘත්තීය අංශයේ හෝ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ අනාගත සුබ සිද්ධිය උදෙසා විශේෂ වෙනසක් ඇති කෙරේ. කෙනෙකුට යටත් නොවී ස්වාධීනව කටයුතු කරගෙන යාම සඳහා ඔබේ සිත පෙළඹේ. පසුගිය දිනවල පැවති ආර්ථික ප්‍රශ්න හා සමාජීය ප්‍රශ්න කිහිපයක් ද විසදෙන අතර, පැරණි මිතුරන් යළි හමුවීමක් හේතුවෙන් අනාගත දියුණුවට විශේෂ වැඩ පිළිවෙළක් ඔවුන් සමග සකස්කර ගනී.

ජය අංකය :-10              සුබ වර්ණය :- තැබීළි පාට

ලොතරැයි ජය උදෙසා සුබ ලග්න ( කටක මෙන්ම, වෘෂභ )

ඔබට මේ සතිය තුල තමා කරන කියන වැඩකටයුතූ වලින් ලාභප්‍රයෝජන අත්පත්වේ. වස්තු ලාභ ලැබේ. තමාගේ වැඩකට බලපෑ බාධකයක් පහවගොස් තම වැඩට අන්‍යයන්ගේ සහයෝගය හිවී වේ. නිතර විසිතුරු දේ පිළිබඳ සිත ඇදී යයි. වෙහෙස ඇති බලාපොරොත්තු සහගත කටයුතු කීපයකට අත ගැසීමට මඟ සැලසේ. හදිසි උත්සව අවස්ථාවක් යෙදෙන බවක් පෙනේ. මෙය ඥාතියකුගේ ගැටලුවක් වෙනුවෙන් මැදිහත් විමට හේතු යෙදෙන සතියකි. විදෙස් ගත වූවකුගෙන් උපකාර හිමි වෙයි. බොහෝවිට මෙය රැකී රක්ෂා තනතුරුවලට පත්වීමට බලාපොරොත්තුවෙන් සිටින අයට එම අදහස් ඉෂ්ට වන සතියක් වේ.

ජය අංකය :-06              සුබ වර්ණය :- කහ පාට

ලොතරැයි ජය උදෙසා සුබ ලග්න ( සිංහ මෙන්ම, මකර )

ඔබට මෙම සතිය තුල අනපේක්ෂිත ධන ලාභ ලැබේ. වෙළඳව්‍යාපාර යන්හි නිරත අයට ඒවායින් දියුණුව ඇති වේ. තම තත්ත්වය උසස් වේ. ඉඩමක් යාන වාහනයක් වැනිදේත් මිළට ගැනීමට හෝ තෑගි භෝග වශයෙන් ලැබීමකට අවස්ථාව යෙදේ. ඒ එසේ වී නමුදු ඔබට මෙම සතියතුල නිතර ශාරීරික මෙන්ම මනසට වෙහෙස ගෙන දෙන අන්දමේ කටයුතු කීපයක් යෙදෙන බවක් පෙනේ. අධ්‍යාපන කටයුතු වල හෝ පර්යේෂණ කටයුතුවල නියුතු වූවන්ට විශේෂ කටයුතු කීපයකට සම්බන්ධ වීමට මග සැලසේ. මෙය ඔබ ගේ දොර අලුත් වැඩියාවකට සිත යොමු කරන සතියකි. තම වැඩට සහෝදරයන්ගෙන් සහ අසල්වාසී මිත්‍රයන්ගෙන් උපකාරද ලැබේ.

ජය අංකය:-03                     සුබ වර්ණය:- මදටිය පාට රත

ලොතරැයි ජය උදෙසා සුබ ලග්න      ( කන්‍යා මෙන්ම, වෘශ්චික )

ඔබට මෙම සතියේදී තම තත්ත්වය තිබුණාට වඩා උසස් වේ. ස්වයං වෙළඳ ව්‍යාපාර ගෙන යන අයට විශේෂ දියුණුවක් ලැබේ. අලුත් හිතවතුන් දැන හඳුනා ගැනීමට පසුබිම සැලසෙන සතියකි. පෙම් සබඳතාවයකට මව්පිය ආශිර්වාද හිමිවන ලකුණු පෙන්නුම් කරයි. ප්‍රභූ හා පූජ්‍ය පක්ෂය හා ඇසුරට අවස්ථාව සැලසෙන අතර නිතර සමාජ සේවා කටයුතු පිළිබඳ උනන්දුව වැඩි කරන බවක් පෙනේ. හිත මිතුරන් හා ආශ්‍රය ඇති වේ. මුදල් පිළිබඳව ලාභ ලැබේ. පුන්‍යවන්තයන්ගේ ආශ්‍රය ඇති වේ. ඇසුරුකරන්නන්ගේ අතහිතදීම් ඔවුන්ගේ උපකාරයද සතියපුරා ලැබේ.

ජය අංකය :-03             සුබ වර්ණය :- කහ පාට

ලොතරැයි ජය උදෙසා සුබ ලග්න  ( තුලා මෙන්ම, ධනු )

ඔබට මේ සතිය තූල ගෞරව සැලකිලි, වැඩි වැඩියෙන් ලැබෙන බවක් පෙන්නුම් කරයි. ස්වයං හෝ හවුල් ව්‍යාපාරික කටයුතු කරන අයගේ එම කාර්්‍යයං වැඩිදියුණුව ඇති වේ. තත්ත්වයට කාලයට අනුව නියම වටිනාකම ලැබෙන්ට හේතු තිබෙන බැවින් වෙළඳ බඩු ආදිය අලෙවි කිරීමට ඉදිරිපත් විය යුතු සතිය මෙයයි. තම වුවමනාවන් පිරිමසා ගැනීමට ප්‍රමාණවත් මුදල් ලැබෙනවා ඇත. ඒ අතරම රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනස්කම් කීපයකටත් මුහුණ පෑමට සිදුවේ. දෛනික ආදායම වැඩි වේ. මෙය බොහෝදුරට රැකී රක්ෂා තනතුරුවලට පත්වීමට බලාපොරොත්තුවෙන් සිටින අයට එම අදහස් ඉෂ්ට වන සතියක් ද වනු ඇත.

ජය අංකය :-03              සුබ වර්ණය:- නිල් පාට

ලොතරැයි ජය උදෙසා සුබ ලග්න  ( වෘශ්චික මෙන්ම, මකර)

ඔබට මෙම සතිය තුළ තමාගේ සිතැඟියාවන් ඉටුකර ගැනීමේදී ඇතැම් විරෝධතාවන්, බාධාවන් පැනැඟුනත් අවබෝධයෙන් ඒවා මැඩගෙන ඉදිරියට යෑමේ හැකියාව ද ඔබට ඇති කරයි. සතිය ආරම්භක දින දෙකේදී සිතේ සැනසිලි බව තුරන් කරන පුවත් අසන්නට ලැබේ. කෙසේ නමුත් මෙම සතිය තලූ ඔබට අමතර ආදායම් හිමිවීම නිසා ආර්ථික කටයුතු සමබරව පවත්වා ගැනීමට හැකිවන්නේය. පොදුවේ මෙම සතිය ඔබගේ අධ්‍යාපන, රැකියා, ව්‍යාපාර මෙන්ම ඉපැයීම් අංශවල ප්‍රගතියට මෙන්ම ඒවායේ මතු දියුණුවට ශුභදායි වෙනස්කම් ඇතිකරන බවක් පෙන්නුම් කරයි.

ජය අංකය :-06             සුබ වර්ණය :- දිප්තිමත් සුදු පාට

ලොතරැයි ජය උදෙසා සුබ ලග්න ( ධනු මෙන්ම, වෘෂභ )

ඔබගේ ලග්නය පරිදි යෝගකාරක ග්‍රහයින් හා සිකුරු ග්‍රහයා මේ සතිය තූල බලවත්ව සිටින හෙයින් සිතෙහි සතුට ප්‍රීතිය ඇති වේ. වැඩ කටයුතු සඵල වේ. පොදුවේ මෙය ඔබට ලාභ ප්‍රයෝජන ලැබෙන සතියකි. රැකී රක්ෂා වලින් දියුණුව ඇති වේ. මේ අතරම සතිය මැද දින දෙක තුල යම් යම් අය සමග කරන කටයුතු වලදී නොතේරුම්කමින් සහ නොසැලකිල්ලෙන් සිදුවන වැරදි නිසා ප්‍රවේසම් විය යුතුයි. දිනපතා කරගෙන ආ කටයුතුවල වෙනස්කම් ද ඇති වේ. සෙසු දින පහතුල රැකී රක්ෂා කරන තැන ප්‍රධානීන්ගෙන් ද උපකාර ලැබෙනවා ඇත. එසේම මෙම සතියතුල හිසේ සෙම් ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි.

ජය අංකය :-11        සුබ වර්ණය :- දීප්තිමත් රතු පාට

ලොතරැයි ජය උදෙසා සුබ ලග්න ( මකර මෙන්ම, වෘශ්චික )

ඔබ මෙම සතිය තුළ ධෛර්්‍යයෙන් හා නොපසුබට උත්සාහයෙන් යුතුව දෛනික වැඩවල නිරතවන නිසා අභියෝග මැඩගෙන සැලසුම් සාර්ථක කරගත හැක. එසේම තමාතුළ මතුවන නොපසුබස්නා ගතිය නිසා ඔබ මොන ක්‍රමයකින් හෝ ධනය උපයාගෙන දෛනික මූල්‍ය අවශ්‍යතාවන් සපුරා ගනී. එසේම ඥාණය දියුණුවන ක්‍රියාවලත් නිරතවේ. ඉගෙනීම් කටයුතුවල හා වෙළඳ ව්‍යාපාරාදියේ නිරතවන්නන්ට සතියේ මුල් දින පහේදී අධ්‍යාපන වරප්‍රසාද මෙන්ම නව ආදායම් මාර්ගයක් ද උපදවා ගැනීමටත් අවස්ථාව සැලසේ. ජීවනෝපාය මාර්ගවල ප්‍රගතියක් දක්නට ලැබෙයි. රැකී රක්ෂා ව්‍යාපාර කෙරෙහි උනන්දුව වැඩිවෙයි. අමතර ආදායම් මාර්ග කෙරෙහිද අවධානය යොමුවන අතර ඒවායින් ප්‍රතිඵල අත්වෙයි.

ජය අංකය:- -11            සුබ වර්ණය :- කහ පාට 

ලොතරැයි ජය උදෙසා සුබ ලග්න ( කුම්භ මෙන්ම ධනු )

ඔබට මේ සතිය සුබා සුබ මිශ්‍රපල සහිතයි. හදිසි ධනලාභ හෝ පැරණි ණය ලැබෙන සතියකි. අධ්‍යාපන කටයුතුවල මෙන්ම රැකියා අපේක්ෂා ඉටුකර ගැනීමට වෙහෙසෙන්නන්ගේ අභිප්‍රායන් සාර්ථකවනු ඇත. එසේම මෙය ඔබගේ ගෘහජීවන වටපිටාව තුල යම් යම් කලකිරීම් සහගත දෑ හටගන්නා සිද්දීන් ද ඇතිකරන නිසා එවැනි දේ මගහැර ගැනිමට උපක්‍රමශීලී් වන්න. රාජකාරියේ වගකීම් කීපයක් තමාපිට පැවරෙන සතියකි. විකිණීම් මිළට ගැනිම් වැනි කටයුතු වලින් ලාභ ප්‍රයෝජන සැලසෙයි. සති අග දින තුන අමතර මුදලක් අතට ලැබෙන කාර්යය කටයුත්තක් සැකසෙනු ඇත.

ජය අංකය:-03              සුබ වර්ණය:- ලා කහ  පාට

ලොතරැයි ජය උදෙසා සුබ ලග්න  ( මීණ මෙන්ම, වෘෂභ )

Leave a Reply

Your email address will not be published. Required fields are marked *