සොඳුරු රුවක් හිමිවන දුර්ලභ ග‍්‍රහයෝග

යම් ස්ති‍්‍රයක් දෙස හෝ පුරුෂයෙක් දෙස එක වරක් බලා තව වරක් හැරී බැලීමට තවත් කෙනෙකුට හිතේ නම් වචනයට නගන්න බැරි තරම් සතුටක් ඔහුට හෝ ඇයට දැනීම ස්වභාවිකය. විශේෂයෙන් අන්‍යයන්ගේ සිත් වශී කරන රූ සපුවක් තමන්ට හිමිවී තිබේ නම් එයද එක්තරා භාග්‍යයක් යැයි නොසිතන්නේ කවුද?

  මේ හේතුව නිසාම දෝ පෙර බුදු හිමි දවස මල්ලිකා දේවිය බුදු රජාණන් වහන්සේ හමුවීමට පැමිණ එතුමියගේ සිතේ මතුව තිබූ ප‍්‍රශ්නයක් නිරාකරණය කර ගැනීමට මෙලෙස බුදු හිමිගෙන් ඇසූ ප‍්‍රශ්නයක් මල්ලිකා සූත‍්‍රය නමින් අංගුත්තර නිකායේ සඳහන් බව පොත පතෙහි සටහන් වෙයි. දිනක් මල්ලිකා දේවිය බුදු රජාණන් වහන්සේ හමුවීමට පැමිණ වැඳ නමස්කාර කර එතුමියගේ සිත තුළ හටගෙන තිබූ මෙවැනි ප‍්‍රශ්නයක් ඉදිරිපත් කළාය.

භාග්‍යවතුන් වහන්ස, මේ ලෝකයේ සමහර කාන්තාවන් ඉන්නව ශරීර දුර්වර්ණයි. ඒ වගේම රූපය අවලස්සනයි. බැලීමට පි‍්‍රයක් නැහැ. ඒවාගේම දිළිඳුයි සැප සම්පත් භෝග සම්පත්වලින්ද තොරයි.

ඒ වගේම භාග්‍යවතුන් වහන්ස තවත් කාන්තාවන් පිරිසක් සිටිනව ශරීරය දුර්වරණයි බැලීමට ද අපි‍්‍රයයි. ඒ වුණාට ඔවුන්ට ධන ධාන්‍ය තියෙනව. පිරිවර සම්පත් ඉන්නවා. සැප සම්පත් හිමිව තිබෙනවා. අඩුපාඩුවකින් තොරව ජීවත් වෙනව.

 එසේම භාග්‍යවතුන් වහන්ස, තවත් කාන්තාවන් පිරිසක් ඉන්නව. ඒ අය හරිම සුන්දරයි  දැකුම්කලූයි. දුටුවන් පිනවනව. රූපය බො හොම දර්ශනීයයි. වර්ණයෙන් සමන්විතයි. එහෙම වුණත්, ඔවුන් කෙතරම් ලස්සන වුවත් පියකරු වුණත් ඔවුන් බෙහෙවින් දුප්පත්. අනුන්ට අත පා ජීවත් වන බොහෝ අසරණ තත්ත්වෙය් පසුවන පිරිසක්.

 ඒ වගේම තථාගතයන් වහන්ස මේ ලෝකයේ ජීවත් වන තවත් කාන්තාවෝ පිරිසක් ඉන්නව ඔවුනුත් බොහෝ ලස්සනයි. දැකුම්කලූයි. දුටුවන් පිනවයි. පැහැපත් බවින් ද යුක්තයි. මන බඳින රූ සපුවකින් සමන්විතයි. ඒ වගේම බොහෝම ධනවත් ධන ධාන්‍යයෙන් භෝග සම්පත්වලින් ද ඉහළයි. මහේශාක්‍ය ලීලාවෙන් පරිවාර සම්පත්තිය ඇතිව ජීවත් වෙනව. ඒ ඒ ස්වභාවයන්ට පත්වන්නට හේතු කවරේද යන්න පැහැදිලි කර දෙන්නයැයි බුදු රජාණන් වහන්සේගෙන් අැයැද සිටියහ.

එහිදී තථාගතයන් වහන්සේ මල්ලිකා දේවියට, ඒ ඒ ස්වභාවයන් සතරට පත් වන්නට හේතූවන ධර්ම කරුණු එකින් එක පහදා දී ඔවුන් පෙර ආත්මවල මේ මේ අයුරින් ජීවත් වූ නිසා යැයි මල්ලිකා දේවියට පැහැදිලි කර දී තිබුණි.

මෙලෙස බලන කල අවලස්සන වී දුර්වර්ණ වී දැකීමටත් අපි‍්‍රය වී ඉපදීමට හේතු වන්නේ පෙර ආත්මවල අනුන්ට ක්‍රෝධ කර සුළු දෙයට පවා කිපෙන සැර පරුෂ ගතියෙන් යුක්තව ජීවත් වූ විටය. විශේෂයෙන් ගත වූ ආත්මවලදී මෙන්ම මේ ආත්මයේදී වුවත් සැර පරුෂ ලීලාවෙන් සුළු දෙයට පවා කිපෙමින් ක්‍රෝධ සිිතින් යුක්ත වූ විට රූපය අවලස්සන වේ යැයි පි‍්‍රයමනාප පෙනුමක් නොමැති වීයනු ඇතැයි ද සවිස්තරාත්මකව හේතූසහිතව සඳහන් වී තිබේ.

 ධර්ම කරුණු කාරනා එසේ හෙයින් සැර පරුෂකම ක්‍රෝධ සහගත බව කිපෙන ස්වභාවය මතුවන ග‍්‍රහ යෙදුම් මෙන්ම සොඳුරු රුවක් පියකරු පෙනුමක් මෙන්ම බවභෝග සම්පත් භූක්තිවිදිමින් ජීවත්වීමටත් හේතූ සාධකවන දුර්ලභ බලවත් ග‍්‍රහයෝග  ද ජ්‍යොතිෂයෙහි රාශියක් පවතී.

ඒහිදී කාන්තා ෙක්න්දරෙය් සඳු ග‍්‍රහයාම ප‍්‍රධානව, ග‍්‍රහයෝග රැසක් බිහිවේ. චිත්තකාරක සඳු ග‍්‍රහයා කුජ රාහු කේතු හා ශනි යන නෛසර්ගික පාප ග‍්‍රහයින්ට නතු වී සිටීම මගින් එවැනි කෝපාවිෂ්ඨ තත්ත්වයන් හට ගනී. සඳු ග‍්‍රහයා, රවි බුද ගුරු හා සිකුරු සමග සංොය්ගව හෙවත් ශුභ ග‍්‍රහයින් සමග එක්ව සිටීම මගින් විශේෂයෙන් ස්තී‍්‍රන් තුළ මෘදු මොලොක් බව කාරුණික හදවත ක්‍රෝධ රහිත බව ගොඩනැගී ස්තී‍්‍ර ලාලිත්‍ය මැනවින් ප‍්‍රකාශ වේ.

 මෙනයින් බලන කල විශේෂයෙන් කිව යුතු වන්නේ ස්ති‍්‍ර කේන්දර සටහනක චිත්තකාරක සඳු ග‍්‍රහයා ඉහත සඳහන්කල පරිදි පාප පීඩිත නොවූ විට ස්ති‍්‍රයක තුළ ස්තී‍්‍ර ලාලිත්‍ය පි‍්‍රය පෙනුම පියකරු මෘදු මොලොක් බව හොඳින් ගොඩනැගෙන බවයි.  

 විශේෂයෙන් ස්තී‍්‍ර කේන්දරයක පුර පස සඳු ග‍්‍රහයා හෙවත් චන්ද්‍රයා 1 වැනි කොටුව 2 වැනි කොටව 3 වැනි කොටුව 11 වැනි කොටුව යන ස්ථානයක සිට සිකුරු ග‍්‍රහයා ද 4 වැනි 7 වැනි 9 වැනි 10 වැනි කොටුවකත් සිට ගුරු බුද යන ග‍්‍රහයන්ද මෙම ඉහත සඳහන් ස්ථාන 8 න් එක් ස්ථානයක එකට එක්ව හෝ වෙන් වෙන් වශයෙන් හෝ සිටී නම් ඇය පි‍්‍රය පෙනුමින් පැහැපත් බවින් මෙන්ම දුටුවන් පිනවන ලක්ෂණයෙන් රූ සපුවෙන් යුක්ත වන්නීය.  

පහත සඳහන් වන්නේ රූමත් කමින් හා ධනවත් භාවයෙන් පිරිපුන් කාන්තාවන් හෙවත් ලියන් උපදින දුර්ලභ යෝග කිහිපයකි. මොවුන් පෙර පින් ඇති තැනැත්තියන්ද වන්නීය.

 මේෂ,- මිථුන, -කුම්භ, -ධනු, -මීන වැනි ලග්නයකින් උපන් ස්ති‍්‍රයකගේ කේන්දර සටහනේ 1 වැනි 4 වැනි 7 වැනි 10 වැනි යන කොටු සතරින් එක් ස්ථානයක හෝ ස්ථාන දෙක තුනක සඳු බුධ ගුරු ශුක‍්‍ර වැනි ග‍්‍රහයින් දෙතුන් දෙනා බැගින් සිට රවි කුජ ශනි රාහු යන ග‍්‍රහයින් කේන්දර සටහනේ 3 වැනි 6 වැනි 11 වැනි කොටුවල සිටී නම් අැය, රූපශී‍්‍රයෙන් මෙන්ම ධනයෙන් වත්පොහොසත් කමින් යුත් භාග්‍යවන්ත තැනැත්තියකි. මැය විවාහ වන තැනැත්තාටද සියලූ සැප සම්පත් හිමි වෙයි.

යම්ස්ති‍්‍රයකගේ උපන් කේන්දරයේ 11 වැනි කොටුවේ පුරපස සඳු ග‍්‍රහයා සිට 7 වැනි කොටුවේ බුද සමග සිකුරු සිටීද එමෙන්ම ගුරු ග‍්‍රහයා 3 වැනි කොටුව තුළ සිටී නම් රූපශී‍්‍රයෙන් බබලන සියලූ සැප සම්පත් භුක්ති විඳින භාග්‍යවන්ත කාන්තාවක් බවට පත් වන්නීය. ඇය ද සොඳුරු රුවකට හිමිකම් කියන්නියකි.

 ස්තී‍්‍ර කේන්ද්‍ර සටහනක බුද ග‍්‍රහයා 3 වැනි කොටුවේත් ගුරු ග‍්‍රහයා 4 වැනි කොටුවෙත් ලග්න භාවයේ හෙවත් 1 වැනි ස්ථානයේ සිකුරු හෙවත් ශුක‍්‍ර සිටී නම් ඇයත් දුටුවන් පිනවන රූ සපුවකින් හෙබි ධන ධාන්‍යයෙන් පෝෂණය වූ තැනැත්තියක් බවට පත් වන්නීය.

  කන්‍යා ලග්නයෙන් උපන් ස්ති‍්‍රයකගේ ලග්න කොටුවේම හෙවත් 1 වැනි ස්ථානයේ බුද ග‍්‍රහයා සිට සඳු ග‍්‍රහයා 2 වැනි 7 වැනි 9 වැනි කොටුවක සිට ගුරු ග‍්‍රහයා 11 වැනි කොටුවේ සිටීනම් ඇය  ද සොඳුරු රුවකට හිමිකම් කියයි. සැප සම්පත් භුක්ති විඳිමින් සුඛෝපභෝගී දිවියක් ගත කරයි.

 යම් ස්ති‍්‍රයක් කුම්භ ලග්නයෙන් ඉපිද පුර පස සඳු ග‍්‍රහයා හෙවත් චන්ද්‍රයා 4 වැනි කොටුවේ සිට ගුරු ග‍්‍රහයා 8 වැනි හෝ 12 වැනි කොටවක ද සිට සිකුරු ග‍්‍රහයා හෙවත් ශුක‍්‍ර 1 වැනි 2 වැනි 9 වැනි කොටුවක සිටී නම් ඇය ද රූපශී‍්‍රයෙන් පිරිපුන් ධනය දේපළ පිරිවර හිමි උසස් සැපවත් දිවියකට හිමිකම් කියන්නියකි.

 විශේෂයෙන්ම කිව යුතු වන්නේ කාන්තාවන් රූපශ‍්‍රීයෙන් ධනයෙන් බලයෙන් බබලන සොඳුරු රුවකට හිමිකම් කියන සුවිශේෂී දුර්ලභ ග‍්‍රහයෝග රැසක් ඇතත්, ජ්‍යොතිෂ විෂය කෙරේ දැනුමක් නොමැතිව එම ග‍්‍රහ යෝග තේරුම් ගැනීමට අසීරුය.

සමස්තයක් වශයෙන් ගත් කළ ස්තී‍්‍ර කේන්ද්‍රයක සඳු ග‍්‍රහයා හෙවත් චන්ද්‍රයා කුජ ශනි රාහු කේතු වැනි ග‍්‍රහයෙකු සමග සංයෝග නොවී සිට සඳු සිකුරු සමග සංයෝග වී සිටීනම් විෙශ්ෂෙයන් එවැනි කාන්තාවන් කෙරෙහි සැර පරුෂ බව ක්‍රෝධ සහිත ස්වභාවය ගොඩ නොනැගෙන අතර මොවුන් කිපෙන සුළු තැනැත්තියන් ද නොවනු ඇත. රූමත් බවින්ද යුක්ත වන්නීය. එබැවින් සඳු ග‍්‍රහයා ඉහත සඳහන් පරිදි පාප ග‍්‍රහයින්ට සංයෝග නොවී සඳු ග‍්‍රහයා බුධට ගුරුට ශුක‍්‍රට සංයෝග වී සිටි පමණින්ම ඇයගේ රූමත් බව රැකේ. ඇය තුළ ක්‍රෝධ සිතුවිලි පහළ නොවේ.

  ඉහත සඳහන් පරිදි ස්තී‍්‍ර කේන්දරයක සඳු ග‍්‍රහයා බුදු ගුරු ශුක‍්‍ර වැනි ශුභ ග‍්‍රහයන් සමග සංයෝගව සිටින විට ඇය කෙරෙහි මෘදු මොලොක් බව අනුන්ගේ දුකේදී උණුවන ගතිය කාරුණික භාවය ලෙන්ගතුකම නිහතමානී භාවය හොඳින් ගොඩනැගේ. එසේම එම ස්වභාවය ද ඇයතූලින් මැනවින් පිළිබිඹු වන්නීය.

සඳු ග‍්‍රහයා කුජ ශනි රාහු කේතු වැනි ග‍්‍රහයෙකුට සංයෝගව දුර්වලව සිටි විට ඇය කෙරෙහි නොහික්මුණුකම කේන්ති යෑම ක්‍රෝධ සිතුවිලි පලිගන්නා සුළු බව මෙන්ම කිපෙන සුළු ගතියද පිළිබිඹු වේ.

 එබැවින් තමා අදිටන් කරගත යුතු වන්නේ තම රූපය ගැන වැඩි සැලකිල්ලක් දක්වන්නේ නම් තම කේන්දර සටහනේ සඳු ග‍්‍රහයා පාපග‍්‍රහයින් සමග සම්බන්ධ වී ඇත්නම් ක්‍රෝධ සහගත සිතුවිලිවලින් මිදී සුළු දෙයට පවා කිපෙන ස්වභාවයන් මගහැර තමන්ගේ සැර පරුෂකම නැති කරගෙන ඉවසීම හා කරුණා ගුණය වර්ධනය කර ගනිමින් ජීවත්වීමට හැසිරීමට උනන්දුවීමයි උත්සහකිරීමයි.

 මෙම සියලු කරැණු කාරනා සම්පින්ඩනය කොට, සදහන් කරන්නේනම් එදවස බුදු හිමි මල්ලිකා දේවියට වදාළේ සසර ගමනේදී පෙර ආත්මවල සිත පහදවාගෙන ශ‍්‍රමණ බමුණන්ට දුගී මගී යාචකාදීන්ට දන් දුන් නිසා ධනවත්ව සැප සම්පත් ඇතිව ඇතැම් කාන්තාවන් මිනිස් ලොව උපත ලැබුවත් සුළු දෙයටත් ඇවිස්සේ නම් රණ්ඩු කරයිනම් ක්‍රෝධ සිතින් වාසය කරයි නම් එසේ කළ බැවින් ධනය තිබුණත් සැප සම්පත් හිමි වුවත් අවලස්සන වී ඉපදී ඇති බවයි. සසර ගමනෙදි සිදුවන දෑ කලකී දෑ ගැන ඉහත සූත‍්‍ර දේශනාවේ මැනවින් පහදා ඇත. තමාගේ කේන්දර සටහන අතැතිව තමාටම බලා කියා ගතහැකි කාන්තාවන්ගේ භාග්‍ය අභාග්‍යයට හේතූවන තවත් සුවිශේෂී දුර්ලභ ග‍්‍රහයෝග රැසක්  ඉදිරියේදීත් මෙම ලියවරුන ;Srh u.ska කාටත් තේරුම් ගතහැකි අයුරින් ලියා පළකරන්නෙමු.          

Leave a Reply

Your email address will not be published. Required fields are marked *