සතියේ ග්‍රහ ගමන ඔබේ ආර්ථික රැකියා ව්‍යාපාරාදියට කරන බලපෑම!

(සති ලග්න පලාපල ජන: 23 වන සඳුදා සිට ජන: 29 වන ඉරිදා අතර )

මේෂ ලග්නයෙන් උපන් ඔබට විශේෂ සැලසුමක් වෙනුවෙන් ගත සිත වෙහෙසන්ට සිදුවෙයි. අවසන් දින දෙක  පදිංචි ස්ථානයෙන් පිට වාසයට කරුණු සැලසේ. විදෙස් ලැබීමකට හිමිකම් ඇති සතියක් බැවින් යටපත් වූ බලාපොරොත්තු කීපයක් ඉටුකර ගැනීමට මඟ සැලසේ. ව්‍යාපාරික කටයුතු හේතුවෙන් වෙනදාට වඩා වෙහෙසීමට සිදුවන නේ නමුදු ඉන්පාඩු නොවේ. එසේම මෙය ණය ගනුදෙනුවකින් නිදහස්වීමට මඟ සැලසෙන සතියකි. ජීවනෝපාය මාර්ග යන්හි හා ආදායම් මාර්ගයන්ට අදාළ කටයුතු වලදි ස්ථිර අධිෂ්ඨානයක් ඇතිව දැඩි කැපවීමකින් ස්වාධීන ලෙස සිතා නිරතවීමට ඔබ මෙම සතියතුල කැපවී කටයුතු කරයි.

ජය අංකය :-11             සුබ වර්ණය :-  නිල් පාට

ලොතරැයි ජය උදෙසා සුබ ලග්න  ( මේෂ මෙන්ම, කුම්භ)

ඔබට මේ සතියේ මුල්දින දෙක තුලදී තමා කරන කියන සැළසුම් කරන කාර්යය කටයුතු තරමක් ප්‍රමාද කරයි. එසේම මෙම සතියේදි තමාගේ රාජකාරී ස්ථානය හෝ තනතරු මාරුවක් වෙනුවෙන් සිතේ බලපෑ නොසන්සුන්තාවයක් පහව යෑමක් ද සිදුවෙයි. නිතර අලුත් දේ ඉගනීමට අවස්ථාව සැලසෙන බවක් පෙන්නුම් කරයි. ළඟම හිතවතකු සමඟ මුදල් හුවමාරුවක් කර ගැනීමට මඟ සැලසෙන සතියකි. සතිය මැද කාලය වන විට දී කල්ගතව පැවති දෙස් විදෙස් රැකියා අවස්ථාවක් සාර්ථකවන කටයුත්තක් ද සිදුවේ.

ජය අංකය :- 10               සුබ වර්ණය :- දම් පාට

ලොතරැයි ජය උදෙසා සුබ ලග්න  ( වෘෂභ මෙන්ම, කුම්භ )

ඔබට මෙම සතියේ අවසන් දින පහ ශුභදායී අයුරින් ගතවනු ඇත. සෙසු දිනයන් දෙක තමාගේ දෛනික කාර්යය කටයුතු වලට විවිධ බාධක අවහිර මතුකරයි. විදේශ ගමන් ඇවිදිලි සංචාර හා විදේශගත රැකියාවල සාර්ථකත්වය උදෙසා සිතට සතුට දනවන දේ සිදුවේ. එසේම මෙම සතියතුල විදේශ සම්බන්ධතා හරහා කරන කටයුතු වලින් ඔබට ඵලදායක ප්‍රතිඵල හිමි වේ. රට තුළ සංචාර ගමන් බිමන් යෙදෙන අතර සංචාරයන්ට අදාළ රැකියා ආදායම් මාර්ග යෙදී ඇති අයට මෙම සතිය ඉතා ශුභ සතියකි. ඔවුන්ගේ ආදායම් මාර්ගවල කැපී පෙනෙන සාර්ථකත්වයක් මෙහිදී ලැබෙනු ඇත. ඒත් සමගම රාජකාරියේ යහපත් වෙනසක් ද මෙම සතියතුල සිදුවේ.

ජය අංකය :-10          සුබ වර්ණය :- කහ පාට

ලොතරැයි ජය උදෙසා සුබ ලග්න ( මිථුන මෙන්ම, මීණ )

කටක ලග්නයෙන් උපන්  ඔබ මෙම සතියතුල වෙනදාට වඩා කෑමෙන් බීමෙන් පරිස්සමි වියයුතුයි. රෝග පීඩා, හදිසි අනතුරු ඇතිවීමේ අවධානමක් ඇත. මෙය ඔබ බොහෝ ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු සතියකි. ඔබ ගන්නා තීරණ වැරදීයාමට ඉඩ ඇති හෙයින් දුරදිග සිතා බලා තීරණ ගැනීමට කල්පනාකාරී වන්න. නිකරුනේ ධන හානි ඇතිකරයි. නොසිතූ රැවටීමකට හසුවිය හැකි බැවින් මුදල් පරිහරනය කිරීමේදී සැලකිලිමත් වන්න. පොදුවේ මෙය ඔබට විදෙස් ඥාතියකුගෙන් ද උපකාරයක් හිමිවන්නේ නමුදු සති මැද වන විටදී හිතුවක්කාරී ලෙස කටයුතු සිදුකරන ස්වභාවයක් පිළිඹිමු වන අතර ඒ පිළිබඳ කල්පනාකාරී වීම වැදගත් වේ.

ජය අංකය :-08                   සුබ වර්ණය :- නිල් පාට

ලොතරැයි ජය උදෙසා සුබ ලග්න ( කටක මෙන්ම, කුම්භ )

ඔබගේ ලග්නය පරිදි යෝගකාරක ග්‍රහයින් හා සඳු ග්‍රහයා මේ සතිය තූල මිශ්‍ර බලයෙන් ගමන් කරන හෙයින් ඔබට ද මෙම සතිය සුබාසුබ මිශ්‍රපලදායි වනු ඇත. කලබලකාරී ගති පැවැතුම් ඇති කරමින් සතිය තුල ක්‍රියා නොකරන්න. රාජකාරියේ කාර්යයක් හෝ ඉපැයීම් ක්‍ෂෙස්ත්‍රයේ කාර්යය කටයුත්තකට අදාළ දේවලින් තෘප්තිමත් බවක් ඇතිවෙයි. තම දැනුම සහ අදහස් මෙහෙයවා කරන රැකියා, ව්‍යාපාර හෝ වෙනත් කටයුතුවලින් ලැබීමේ වාසනාව ඇත. වාසි ගෙනෙන ගමන් බිමන් යෙදේ. සෙම් බහුල ගතිය ඇති වීමට වැඩි ඉඩක් ඇත. මේ අතර පවුලේ කෙනකුගේ හිතුවක්කාරී කටයුතු කීපයක් හේතුවෙන් මානසික අසහනකාරී බවක් ඇති කරයි.

ජය අංකය :-07                සුබ වර්ණය :- රිදී පාට

ලොතරැයි ජය උදෙසා සුබ ලග්න ( සිංහ මෙන්ම, වෘෂභ )

හවුල් කරුවන්, ඇසුරු කරන්නන් සහ ආදරය කරන්නන් අතර හොඳ හිත වර්ධනය කර ගනී. මුදල් අතින් අඩුපාඩුවක් ඇති නොවේ. ගෙදර දොර පවුලේ අය සමග, විවාහ සහකාරාදීන් සහ දරුවන් සමග ඉතා සතුටින් කාලය ගෙවීමට මෙම සතියේදී ඔබට අවස්ථාව සැළසේ. එසේම තමාගේ සිතැඟියාවන් ඉටුකර ගැනීමට පිළිවන්කම ලැබේ.  හවුල් වෙළඳ ව්‍යාපාර කටයුත්තක් හේතුවෙන් නව වැඩපිළිවෙලක් සැකසේ. සතිය ආරම්භක දින දෙක තිර අරමුණකට කටයුතු කිරීමට උත්සාහය ඇතත් සෙසු අයගේ බලපෑමෙන් තම අරමුණින් පිට පැනීමට ඉඩ ඇති බැවින් දැඩිව සිත පාලනය කරගෙන කටයුතු කිරීමට උත්සාහ ගන්න. නැතහොත් එම කටයුත්තට බාධා පමුණුවයි.

ජය අංකය:-04               සුබ වර්ණය:- රන්වන් පාට

ලොතරැයි ජය උදෙසා සුබ ලග්න  ( කන්‍යා මෙන්ම, ධනු)

ඔබගේ ලග්නාධිපති කිවි මෙන්ම සඳු ග්‍රහයාගේ ගමන මත ඔබට මෙම සතිය සුබා සුබ මිශ්‍රඵලදායක ලෙස ගතවෙයි. එසේම මෙය ඔබට ශාරීරික හා මානසිකවත් වෙහෙස ගෙන දෙන සතියකි. මෙතෙක් අතරමඟ නවතා දමා තිබූ කටයුතු කීපයක් නැවත ආරම්භ කිරීමට අවස්ථාව උදා කරයි. මෙම සුබපල මධ්‍යයේම නමුදු රෝග හා අනතුරු අවධානමක් වැඩියෙන් දැනෙන බැවින් කල්පනාකාරීව කටයුතු කිරීමට වගබලා ගන්න. ඉවසිලි බව අඩු කරයි. ප්‍රවේගකාරී හා ප්‍රචන්ඩ ආකාරයෙන් හැසිරීමට මානසිකත්වය යෙදෙන නිසා ආරවුල් වලට මැදි වීමේ ඉඩක් ඇති නිසාත් සංවරබාවයෙන්ම සතිය ගෙවන්න.

ජය අංකය :-06               සුබ වර්ණය :- කහ පාට

ලොතරැයි ජය උදෙසා සුබ ලග්න  ( තුලා මෙන්ම, මීණ )

ඔබට මෙම සතියේදී ඉපැයීම් නිවාස දේපල වාහන සිහින සපුරා ගැනීමේ අවස්ථා සැලසෙයි. එසේම අනාගතයේ ඉටුකර ගැනීමට සිහින දකින තම සැළසුම් වලට ප්‍රවේශ වීමට මෙම සතිය ඔබ උපයෝගීකර ගනී. ඉපැයීම් කටයුතු හා පවුලේ කටයුතු කෙරෙහි වෙහෙසීම් වැඩි කරමින් සතිය ආරම්භ වන නමුත් ඔබගේ රැකියා ව්‍යාපාරාදී කටයුතු කෙරෙන් ලාභ ප්‍රයෝජනයන් හා තමාට අවශ්‍යව තිබූ යම්යම් ද්‍රව්‍යමය ලාබයන් ද ලැබෙන හිමිවන බවක් පෙන්නුම් කරයි. කෙසේ වෙතත් අතිශය විස්වාසය තබා කටයුතු කල අයෙකු විසින් නොසිතූ ලෙස වංචාවක් සිදුකිරීමට හැකි සතියක් ද බැවින් එදිනෙදා කටයුතු පිළිබඳවත් සැලකිලිමත් වන්න.

ජය අංකය :-05                 සුබ වර්ණය:- තැඹිළි පාට

ලොතරැයි ජය උදෙසා සුබ ලග්න  ( වෘශ්චික මෙන්ම, මීණ )

ඔබ මෙය වෙනදාට වඩා සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු කරන සතියක් වන අතර පවුලේ වගකීම් පැහැර හැරීමක් ද සිදුවීමට ඉඩ ඇති නිසාත්  එවැනි අඩුපාඩු මගහැර කටයුතු කරන්න. මෙය ඔබට තරග විභාගයක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරන සතියකි. සති අන්තයේදී වරින් වර ඇති කරන උගුරේ අමාරුවක් හේතුවෙන් පීඩා ඇති කරන කාලයක් බැවින් ඒ පිළිබඳවත් සැලකිලිමත් වන්න. නව නිර්මාණ කාර්යයන්හි නිරතවන අයට තමන්ගේ නිර්මාණ සඳහා කුසලතා සහතික මෙන්ම මූල්‍ය සම්පත් ද හිමිවෙයි. නව මිත්‍ර සම්බන්ධතා නිසාවෙන් ඔබගේ කටයුතු වලට නොයෙක් ආකාරයේ උදව් උපකාර ලැබේ.

ජය අංකය :-04              සුබ වර්ණය :- කහ පාට

ලොතරැයි ජය උදෙසා සුබ ලග්න ( ධනු මෙන්ම, මීණ)

ඔබට මෙම සතියතූල තමා කරගෙන යන කටයුතු සාර්ථක වෙයි. මුදල් හෝ ද්‍රව්‍යමය ලාභයකට හේතු ඇති කරයි. වෙළඳාම් කටයුතුවල මෙන්ම කලාත්මක අංශයේ දේවල්වල නිරතවූවන්ට යහපත්ය. ණය ගණු දෙණුවලින් නිදහස් වේ. විරුද්ධ ලිංගික ඇසුරට හිත යොමුවන සතියකි. එමෙන්ම මෙය ඔබට ගතට සිතට සැපත සතුට මැනවින් ලැබෙන සතියක් ද වන අතර. මුදල් ලාභ ලැබේ. ගෙදරට අවශ්‍ය භාණ්ඩ ලැබේ. ඒවා මිලදී ගැනීමට ඉඩ ලැබේ. වෙළෙඳ ව්‍යාපාර වලින් දියුණුව ලැබේ. දේපල පිළිබඳ දියුණුවට ද හේතුයි.

ජය අංකය :-03          සුබ වර්ණය :- රන්වන් පාට

ලොතරැයි ජය උදෙසා සුබ ලග්න ( මකර මෙන්ම, මීණ )

ඔබට මෙම සතියේ මුල්දින දෙක එතරම් සුබදායි නොවන අතර සෙසු දිනයන් යහපතට කටයුතු සිදුකරයි. ඔබෙන් දුරස්ව සිටි අය නැවතත් ඔබ සමග ඇසුරට පත්වේ. ආර්ථික වාසි බලාපොරොත්තු විය හැකි සතියක්ද වේ. පැවැති නාස්තිය වළකාගෙන දියුණුවට මඟ පාදා ගැනීමටත් හැකි වේ. ඉඩමක් ගෙයක් නැතහොත් වෙනත් අවශ්‍යතාවයක් සඳහා ඔබ යමක් මිලදී ගැනීමට කටයුතු පිළියෙළ කරගනී. නැතහොත් ඒවාට බලපෑ ගැටලු රැසක් මෙහිදී විසඳේ. ප්‍රීතිමත් උත්සව හෝ ප්‍රිය සමාගම් පවත්වන්ට ඉඩ ලැබේ.

ජය අංකය:- 12               සුබ වර්ණය :- දම්  පාට

ලොතරැයි ජය උදෙසා සුබ ලග්න ( කුම්භ මෙන්ම මකර )

මේ සතියේ මුල්දින 2 හා අවසන් දින 3 ඔබට ශුභදායී අයුරින් ගතවේ. ජීවනෝපාය මාර්ග, අධ්‍යාපන, අංශවල දියුණුවක් ඉදිරියක් දක්නට ලැබේ. වැදගත් හිතමිතුරු සබඳතාවන් ගොඩනැගේ. කරන කියන බොහෝ කටයුතු සාර්ථක වන ආයෝජන වලට මුදල් ලැබෙන දින පහකි. එසේම මෙය දෙස් විදෙස් රැකියා අපේක්ෂාවක් ඉටුවේ. ස්ථාන ගැටලු විසඳෙන, පවුලේ කටයුතු සම්බන්ධව ද නවෝදයක් ඇතිවන දින කිහිපයකි. සතියේ මැද දින දෙක තුළ ගමන් බිමන් වලදී මෙන්ම ගනුදෙනු වලදීත් ආරක්ෂාවන්න. එතරම් යහපත් නොවේ. සිතේ සන්සුන් බව හීන කරයි. ස්වකීයන් අතර මතභේද ආරවුල්ද ඇතිවන දෑ සිදුවේ. සෙම් රෝගයන්ට ද ලක්වේ.

ජය අංකය:-03                 සුබ වර්ණයථ- රිදී පාට

ලොතරැයි ජය උදෙසා සුබ ලග්න  ( මීණ මෙන්ම, වෘෂභ)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *