නානුඔය අනතුරේ අපරික්ෂාකාරී රියදුරා අත්අඩංගුවට!

නුවරඑළිය නානුඔය ප්‍රදේශයේ දී පෙරේදා රාත්‍රියේ සිදුවූ අනතුරින් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

එම අනතුර සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ පොලීසිය බස් රථයේ රියදුරාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබුණේ අදාළ බස් රථය නොසැලකිලිමත් ලෙස ධාවනය කර ඇති බවයි.

අධික වේගයෙන් පැමිණි බස්රථය මාර්ගයේ ගමන් ගත් තවත් වාහන දෙකක් ද විනාශකර දමමින් ප්‍රපාතයකට ගොස් නැවතී තිබූ අතර එහි සිටි කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් 41 දෙනෙක් සහ මව්පියන් ඇතුළු 53 දෙනෙකු සුළු තුවාල ලබා රෝහල්ගත කර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *