ඔබේ කේන්දරයේ විස්තරය ඔබටම බලාගතහැකි ලිපි මාළාව

තමාගේ කේන්දරයේ රවි-සදු-කුජ-බුද-ගුරු-සිකුරු-ශනි-රාහු-කේතු, යන නවග්‍රහයින් සිටින තැන අනුව ඔබට ආවෙනික ගති ලක්ෂණ ඔබගේ ක්‍රියාකාරකමි මෙන්ම පොදුවෙ ඔබගේ ජීවන තොරතුරු මෙම ලිපිමාලාව මගින් ලියා පළකිරීම කරන්නෙමු.

ඒ අනුව පළමුවෙන්ම ඔබේ හඳහනේ  ‘රවි’සිටි තැන අනුව ඔබට ආවේණික ජීවන තොරතුරු:-

උපන් කේන්දර සටහනේ ‘ර’ අකුර නියෝජනය කරන ග්‍රහයා හෙවත් රවි ග්‍රහයා 1 කොටුවේ සිටීවිට:-

එනම්ඔබගේ කේන්දර සටහනේ රවි ග්‍රහයා 1 වැනි කොටුවේ සිටීනම් ඔබ උද්යෝගිමත් කාර්යය ශුරුත්වයෙන් කටයුතු කරනල කාර්යක්ෂමතා ‍වෙන්ද යුතු පාලන ශක්තියකින් ද සමන්විත අයුක්තියට යටත් නොවන, යුක්තියට ගරු කරන ත්‍යාගශීලී භාවයත්, අධීක්ෂණශීලී බවත් අවංක බවත් මැනවින් පවතින ස්වාධීන චින්තනයෙන් හෙබි බලාපොරොත්තු සහගත සිතුවිල්ලෙන් ක්‍රියාකරන හොද හැකියාවකින්ද යුතු, උසස් නිලධාරීන්ප්‍රධානීන් සමඟ හොඳ හිතවත්කම්  සබඳතාවන් පවත්වා ගනිමින් කටයුතු කිරීමටත් හැකියාව දක්ෂතාවය පවතින. ඔබ ඕනෑම අසීරු අමාරු කටයුතු වලට වුවත් මුහුන දීමට ඉදිරිපත්වන, එවැනි අවස්ථාවලදීඔබ පසුබට නො‍වේ.එසේම ඔබ තමාගේ විශේෂිත ක්‍රියා නිසා ප්‍රකටවේ. ඔබට උසස් නිලතල වරප්‍රසාද භුක්තිවිදීමේ භාග්‍යයද පවතින අතර බලතල  නිලතල හෙබවීමේ වාසනාවද  ඔබට ඇත.මොවුනට නිතරම ඇති වැදගත් වැඩ රාජකාරියක් නැතත් විවේක රහිත බවක්ද පෙන්වයි. ගතිගුණ එක විධියකට නොපවතී.

බොහෝවිට  මේෂ – සිංහ – ධනු ලග්නයකින් ඉපිද රවි 1 සිටි විට කොයි කවුරුත් සමඟ සමානව ආශ්‍රයකරන්නට යාමෙන් තම තත්වය පහත වැටේය කියා ඔබ තුළ සැක සන්කා උපදවයි. ඒ නිසාම එක්තරා ප්‍රමාණයකට යම් යම් තෝරාගත් එක්තරා පිරිසක් පමණක් ආශ්‍රය කරයි. එවැනි ස්වභාවයක් ඔවුන් වෙතින් පිළිඹිබු වේ. සිතට ලොකු අහංකාර ගතියක් ඇතිකරයි. හිසෙහි රෝග පීනස වැනි රෝගයන්ට ද රවි 1 සිටින අය පහසුවෙන් ලක්වේ.

උපන් කේන්දර සටහනේ ‘ර’ අකුර නියෝජනය කරන ග්‍රහයා හෙවත් රවි ග්‍රහයා 2 කොටුවේ සිටීනම්:-

ඔබද ත්‍යාගශීලී සමාජශීලී තැනැත්තෙකි. තරඟකාරී කටයුතු වලටල ක්‍රීඩාවලට අශාවක් දක්වයි. මේෂ – වෘෂභ – කටක – සිංහ – වෘශ්චික – මකර – මීන – වැනි ලග්නයකින් උපන්නේනම් ඔවුනට උරුම හිමිකම් ලැබේ.විවිධ කර්මාන්ත වලින් ලාභ මෙන්ම ර‍ජයේ රැකියා ලාභද හිමිවෙයි.ආර්ථික සමිපත් මුදල්ලාභ හා සැප ලැබේ. විවාහයෙන් පසු දියුණුවද ඇතිවෙයි. බොහෝවිට රවි 2 වැනි කොටුවේ සිටින අය කතාවට කැමතිය.නමුත් කතාවෙිදී තම ගෞරවය රැකගෙන කටයුතු කරයි. උපයීමටත් වියදම් කිරීමටත් මොවුන් එකසේ දක්ෂය.තම ලොකුකම රටට පෙනෙන ලෙස ලොකුවට වියදම් කිරීමට සිතෙයි. එම නිසාම ධන හානි වේ. කුමන අයුරින්හෝ ජීවිතයේ පහත වැටීමක් සිදු නොවේ. ඉහත සඳහන් ලග්නයකින් උපන් අයට මෙම ජීවන තතු මැනවින් ගොඩනැගෙන අතර වෙනත් ලග්නයකින් උපන් අයට මේවාවෙි අඩු ලුහුඩුකම්ද සහිතව කටයුතු සිදුවේ. ඇස් අමාරු වලට පහසුවෙන් ලක්වේ. විශේෂයෙන් මෙම ග්‍රහයෙදුම වැදගත් අයුරින් ජීවත් වීමට පිළිවන්කම ලැබෙන පිහිටීමකි.

උපන් කේන්දර සටහනේ ‘ර’ අකුර නියෝජනය කරන ග්‍රහයා හෙවත් රවි ග්‍රහයා 3 වැනි කොටුවේ සිටීනම්:-

ඔබ ආගියතැන කැපී පෙනෙයි. ගරු සරු ලබයි. නිර්භීත ධෛර්්‍යයවන්ත කෙනෙකි. හොඳ අවබෝධයෙන් හා පිරිසිදු මනසින් කටයුතු කරයි. තම අසල් වැසියන් සමග හිතවත්කමින් කටයුතු කරන අතර ඥාති මිත්‍රාදීන්ගේ ආධාර ලබයි. සාර්ථක ව්්‍යාපාරවල නියුතු වන අතර එමඟින් සුවිශේෂී දියුණුවක් ලබයි. නිර්මාණශීලී අයෙකි. සතුරන් ජය ගනී. නිරෝගිමත් හා ශක්තිමත් සිරුරකින්ද සමන්විතවේ. විශේෂයෙන් තමා නිතර රැකියාවෙන් හා ව්්‍යාපාර වලින් දියුණුව ලබන, කීර්තියට පත්වන ගමට රටට වැඩ කරන ලේඛණ කලාව මැනවින් දන්නා කෙනෙකි.

විශේෂයෙන්ල  මේෂ – මිථුන – කටක – තුලා – ධනු – කුම්භ – මීන – වැනි ලග්නයකින් උපන් අයෙකු නම් ගමන් බිමන් සංචාරයන්ට හා මොළය දියුණුවන කටයුතු ක්‍රියාවන්ට ද වැඩි කැමැත්තක් දක්වන, ඥානවන්ත ආත්ම ගෞරවය ආරක්ෂා කරගෙන ක්‍රි යාකරන තරමක අහංකාර කමකින් ද යුත් උපන් තත්වයට වඩා උසස් තත්වයක් හිමිකරගෙන උසස් සමාජ ජීවිතයක් ගත කරන ‍‍අයෙකුද වන්නේය. රවි 3 වන කොටුව තුළ සිටින අයට පොත්පත් ලිපි ලේඛණල සාහිත්‍ය  වැනි දේ මුල්කොට කරන ව්‍යාපාර වලින් වැඩි දියුණුවක් සලසගත හැකිය.

උපන් කේන්දර සටහනේ ‘ර’ අකුර නියෝජනය කරන ග්‍රහයා හෙවත් රවි ග්‍රහයා 4 කොටුවේ සිටීනම්:-

මෙම ස්ථානයේ රවි සිටින විට ඒ ඒ ලග්න අනූව ශුභඵල මෙන්ම අශුභඵල ගොඩනැ‍ගේ. උපන් ලග්නය වෘෂභ – කටක – කන්‍යා – මකර – මීන ලග්නයක් වන්නේනම් තම අරමුණු සැලසුම් ඉටු කරගෙනල උරුම හිමිකම් දේපල ලාභ යනාදිය උපයා සපයාගෙන සැපවත් දිවියක් ගත කල හැක.

ඔබ තුලා – වෘශ්චික – කුම්භ – මේෂ – වැනි ලග්නයකින් ඉපිද රවි 4 සිටියේ නම් තම අරමුණු සැලසුම් ඉටු වුණත්, දේපල ප්‍රශ්න, ඥාතීන්ගෙන් කරදර , නීති ගැටලු, දේපල හානි, රුධිර පිඩනය වැනි අසනීප, හෘද රෝග වැනි අයහපත් දේවලට ලක්වීමට හැකි බැවින් ඒවා කෙරේ පෙර සූදානමකින් කටයුතු කරන්න.

සමස්ථයක් වශයෙන් රවි ග්‍රහයා 4 වැනි කොටුවේ ඔබඋපන් කේන්දරයේ සිටීනම් ඔබ පවුලේ ප්‍රධානියා බවට පත් වූවත් සෙසු අය සමඟ සම්බන්ධය අඩුයි. අහංකාරයි. කාරුණික බව මෙන්ම උණුවන ගතිය ද තරමක් අඩුයි. අන් අයට දෙවැනි වී සිටීමට ඔබ කැමති නැත. වරෙක මව් සමඟ වුවත් සම්බන්ධය අඩුවේ.ඔබ අන්‍යයන් අතර කැපී පෙනෙමින් ජීවත් වීමට සිතයි. ඊට පසුබිම සකසා ගනී. ඔබ කුමනඅයුරින් හෝ ධනය දියුණුව සලසා ගනී. ජීවිතයේ මැද වයස පසු වූ විට තත්වය උසස් වී දිවියේ සාර්ථකයක්ද ලබයි. පවුලට සමාජයට ප්‍රයෝජනයක් වන අයුරින් කටයුතු කරන්නේ නම් අන් ‍අයගේ ගෞරවයට හා පැසසුමට ඔබ පාත්‍රවේ. ඔවුනට වරින් වර  සතුරන්ගෙන් භය පැමිණේ.

උපන් කේන්දර සටහනේ ‘ර’ අකුර නියෝජනය කරන ග්‍රහයා හෙවත් රවි ග්‍රහයා 5 වන කොටුවේ සිටීනම්:-

ඔබට සැලකිය යුතු උසස් අධ්යාදපනයක් ලැබිය හැක. දුර පළාත්වල වනෝද්‍යානවල සංචාරයට වඩාත් ප්‍රිය එවායේ වැඩි වශයෙන් නියැළෙන ගතකිරීමට කැමති, විනෝද වීමට කෙළි සෙල්ලමින් කල් ගෙවීමටත් වඩාත් ආශා කරයි. පැමිණෙන අභියෝග මැඩගෙන තම දියුණුව සඳහා කරන වැඩ කොටසෙහි  යෙදෙන සැලසුම් සාර්ථක කරගන්නා අයෙක් වනුඇත.  කරදර හිරිහැර ගණනකට නොගෙන කටයුතු කරයි. ධනය දියුණුව බලයප්‍රසිද්ධිය ක්‍රමක්‍රමයෙන් ගොඩනැ‍ගේ. ස්ත්‍රීන්ට දරුවන් ලැබෙන අවස්ථාවේදී කරදර වෙයි.

මේෂ – වෘෂභ – මිථුන – සිංහ – වෘශ්චික – ධනු – කුම්භ – වැනි ලග්නයකින් උපන් අයට මෙය හොඳ පිහිටීමකි. තත්ත්වය බලය ලැබේ. තනතුරු නිලතල හිමිවෙ. ඒවා ආරක්ෂාවේ.

කටක – කන්‍යා  – තුලා – මකර – මීන – වැනි ලග්නයකින් ඉපිද රවි 5 වෙනි කොටුවේ සිටීම යහපත් නොවේ.මොවුනට දරුඵල අඩු වීම, දරුවන් නිසා ප්‍රශ්න ඇතිවීම කරදර තාඩන පීඩන මධ්‍යයේ ඉගෙනීමට සිදුවීම සතුරන් ඇතිවීම වැනි ප්‍රශ්නයක්ද ඇති කරයි.

උපන් කේන්දර සටහනේ ‘ර’ අකුර නියෝජනය කරන ග්‍රහයා හෙවත් රවි ග්‍රහයා 6වැනි

 කොටුවේ සිටීනම්:-

මේෂ – වෘෂභ – කටක – වෘශ්චික -ධනු – මකර – මීන යන ලග්නවලින් උපන් අයට මෙලෙස රවි ග්‍රහයා කේන්දර සටහනේ 6 වැනි කොටුව තුළ සිටීම ශුභදායක පිහිටීමකි.ඔවුනට අභියෝග කරන විවෘත හා රහස් සතුරන් පරාජය වේ. මිල මුදල් ලාභ කීර්ති ප්රිශංසා හිමිවේ. රෝග අඩු ශක්තිවන්ත, සිත හා ශරීරය වේ. ඔරොත්තු දෙන ශක්තියක් ඇත. සැලසුම් නොකර අපේක්ෂිත අයුරින් තනතුරු නිලතල වරප්‍රසාද ඔබ වෙත පැමිණෙයි.එසේම ඔබ තුල ආත්ම විශ්වාසය මැනවින් පවතින්නේය. විරුද්ධවාදීන් මැඩගෙන නැඟී සිටීමට පිළිවන්කම ඇත. සේවකයින් යොදවා කරන ව්යායපාරවල යෙදෙයි. එයින් විශාල දියුණුවක් ද ලබයි. බියක් සැකක් කුතුහලයක් නොමැතිව ඕනෑම දෙයක් කිරීමට තරම් ආත්ම ශක්තියක් ඔබට ඇත. සැප සම්පත් ඇතිව ජීවත් විය හැක. ඖෂධ  වෛද්‍යමෙන්ම සෞඛ්‍ය සේවා වැනි ක්ෂේස්ත්‍රයේ උසස් රැකියා වලට සම්බන්ධවෙයි. ස්වයං ව්්‍යාපාර වලද නිරත වෙයි.

ඔබ මිථුන – සිංහ – කන්යාව – තුලා – කුම්භ වැනි ලග්නයකින් ඉපිද මෙසේ රවි 6 වැ‍න්නේ සිටීනම් තම වැඩ කටයුතු වලට සැලසුම් වලට අනුන්ගෙන් සතුරන්ගෙන් විවිධ බාධා ප්‍රශ්න ඇති කරයි. වරෙක ඒවාට යටත් වන්නටද සිදුවේ. මෙය ශරීර සනීපයට ද බාධාවකි. සේවා ස්ථානයේ විවිධ ප්‍රශ්න කරදර පැන නඟි. විශාල පවුලකට හිමිකම් ඇතත් වරෙක පවුලේ අයගෙන් දෝෂාරෝපණ අසයි. තමා පමණක් නැඟී සිටීමට ගන්නා‍ උත්සාහය අන් අයගේ විවේචනයට ලක් වන බැවින් දියුණු වූ පසු පවුලේ අයට ඥාති මිත්‍රාදීන්ට සැලකීමට ඔබ උනන්දුවන්න.

සමස්ථයක් වශයෙන් ගත්කල උපන් ලග්නයේ රවි ග්‍රහයා 6 වැනි කොටුව තුළ සිටීම කුමන අයුරින් හෝ ධනය, දියුණුව, බලය, ප්‍රසිද්ධිය, ලබා ගන්නා ශුභදායක පිහිටීමකි.

උප්පත්ති කේන්දරයේ අනෙක් ග්‍රහයින්ගේ බල දුබල අනූවත් රවීට සංයෝග වී සිටී වෙනත් ග්‍රහයින්ගේ ස්වභාවය අනූවත් මෙම ප්‍රථිඵලවල අඩු වැඩි කම්ද ඇත් වන්නේය.

උපන් කේන්දර සටහනේ ‘ර’ අකුර නියෝජනය කරන ග්‍රහයා හෙවත් රවි ග්‍රහයා 7වැනි

කොටුවේ සිටීනම්:-

ඔබගේ කේන්දර සටහනේ රවි ග්‍රහයා 7 කොටුවතුල සිටීනම් ඔබ ස්ථීර නිගමනයක් ඇති, අන්‍යයන්ගේ නියෝජිතයෙක් ලෙස කටයුතු කරන, පමා වූ විවාහයකට හිමිකම් කියන, තෝරා බේරාගෙන යම් යම් අය ඇසුරැ කරන විශේෂයෙන් සීමා සහිත පිරිසක් ඇසුරු කරන දුෂ්කර ප්‍රදේශවල ඇවිදීමට ආශා කරන්නෙකි.

ඔබ සතුරන් සමඟ ප්‍රසිද්ධියේ මෙන් අවුල් වියවුල් ගැටුම් ඇතිකර ගන්නා අයෙකු බැවින් ඊට නතු නොවන්න. විශේෂයෙන් ඔබ ශාප කිරීම් වලට පහසුවෙන් ලක්වන කෙනෙකු නිසා අනුන්ගේ සිත් නොරිදවන්න.

මේෂ- මිථුන- තුලා- වෘශ්වික- ධනු-කුම්භ- මීන- වැනි ලග්න හිමියෙකුගේ රවි ග්‍රහයා මෙලෙස 7වැනි කොටුවේ සිටීනම් ඔබ හවුල් ව්‍යාපාර  හෝ හවුලේ කරන විවිධ කටයුතු මඟින් දියුණුවක් ලබන අතර ටිකෙන් ටික දියුණුවට පත්වී බලයක් නිලයක් ඇති ප්‍රසිද්ධ කෙනෙකු බවට පත්වේ. පොදුවේ ඔබ ස්වයං තීරණ  මත කටයුතු කිරීම එතරම් උචිත නොවේ.

වෘෂභ, කටක, සිංහ, කන්‍යා, මකර, වැනි ලග්නයකින් උපන් ඔබගේ රවි 7වැනි ස්ථානයේ සිටින විට ශුභඵල තරමක් අඩු වි අයහපත් පලද ඇති කරයි. ගනුදෙනු  ප්‍රශ්ණ, මුදල් හානි, වරෙක නින්දා අවමාන, බිරිඳ සැමියා සමඟ ප්‍රශ්ණ සිතෙහි කලබලකාරී ගතිය හටගැනීමට තුඩු දෙන සිද්ධීන් ඇතිවීම,ගෙනදේ. ඔබට උත්සහයේ ප්‍රථිඵල ලැබෙන්නේද තරමක් කල් ගොස්ය. සමස්තයක් වශයෙන් ගත්කල මෙම ග්‍රහ යෙදුම ශුභඵල මෙන්ම අශුභ ඵලවලින් යුක්ත පිහිටීමකි.

උපන්කේන්දරසටහනේඅකුරනියෝජනයකරනග්‍රහයාහෙවත්රවිග්‍රහයා8වැනි කොටුවේසිටීනම්:-

පොදුවේ මෙය එතරම් ශුභදායි පිහිටීමක් නොවේ. මෙය පහසුවෙන් රෝගාබාධයන්ට ලක්කරන ලේ දෝෂල අධිරුධිර පීඩනය ඌෂ්ණ රෝග ඇතිවීම අර්ශස් වැනි ආබාධයන්ට නතු වීම ආදියට පත්වන්නකි.මෙවැනි අය ඊට අනුබලදෙන ආහාර පානඅනුභවයද උචිත නොවෙ. කරන කියන සැලසුම් වැනි දේටත්ප්‍රථමයෙන් දුක් කණගාටු හිරිහැර වැනි දෑ ඇති වෙයි. තම ආයතනයෙහි උසස් නිලධාරින්ග‍ෙන් විවිධ කරදර හිරිහැර ආදියත් සිදුවේ.

විශේෂයෙන් මෙලෙස රවි 8 වැනි කොටුවේ සිටින විට ශනි හෝ රාහු කේතු වැනි ග්‍රහයෙකුද සිටියේ නම් විවාහයෙන් පසු යුග දිවියේ ප්‍රශ්ණ ගැටලු ද ඇති නොකරගැනීමට ඔබ වඩාත් සැලකිලිමත් වන්න.බොහෝවිට මොවුනට සොර සතුරු බිය උපදවයි. වංචාවලට හසුවන නිසාත් ඔබ ඇසුරට යහපත් අයම තෝරාගන්න. යුග දිවියේ පැවැත්ම හා සමගිය ගැනත් වැඩිපුර සිතන්න. පමණ ඉක්මවා වියදම් කිරීමෙන් වළකින්න. ආයතනවල සෙසු සේවකාදීන් හෝ ගම් ප්‍රදේශයේ මෙන්ම ජීවත්වන සමාජයේ ඇසුරු කරන අය සමඟත් ගැටුම් ප්‍රශ්ණ ඇති නොකර ගැනීමටත් මෙවැනි අය ඥානාන්විත වියයුතුයි.

පොදුවේ කන්‍යා- මකර- මීන- වැනි ලග්නයකින් ඉපිද මෙලෙස රවි 8 වැනි කොටුවේ සිටීම උපන් තත්වයට  වඩා උසස් තත්ත්වයට පත්වන, ආර්ථික දියුණුවකට ද පත්වන්නකි. මෙය විපරිත රාජරෝග බලයක්ද බැවින් ජිවිතයේ හදිසි නැගිමක් සිදුවෙයි. මැද වයසින් පසු දියුණු වෙයි.

උපන්කේන්දරසටහනේඅකුරනියෝජනයකරනග්‍රහයාහෙවත්රවිග්‍රහයා9වැනි කොටුවේසිටීනම්:-

ඔබ ප්‍රතිපත්ති ගරුක අයෙකි. තමාගේ උත්සහයෙන් තමාගේම මහන්සියෙන් කැපවීමෙන් ධනය දියුණුව හිමිකර ගනිමියි, යන අදහසින් ඔබ කටයුතු කරයි. එසේ කිරීමට ද ඔබට පිළිවන. ඔබ උරුම හිමිකම් කෙරේ බලාපොරොත්තු නැතත්, ඔබට කිසියම් උරුම හිමිකම් ලාභාදියක් දකුමන අයුරින් හෝ අනපේක්ෂිත මාර්ගයකින්  ලැබේ. දේපල ලාභ හිමිවේ.

ගමන් බිමන් වලින් ඵල ප්‍රයෝජන ලැබේ. පර්යේෂණ කිරිමට ආශාව ඇත. ඔබට උත්සහයේ ජය ලැබීමට පුළුවන. අලුත් අලුත් දේ ඉගෙනීමටත් සොයා දැන ගැනීමටත් ඔබතුළ ආශාව ඇත. ආගමන විගමන ක්ෂේත්ත්‍රයේ රැකියා ගුවන්තොටුපල සේවා හෝ ගුවන් නියමු වැනි තනතුරු මෙන්ම ඒවාට සම්බන්ධ රැකියාවන්හි නියුතු විමටත් මෙය හොඳ පිහිටීමකි.ක්‍රමක්‍රමයෙන් රැකියාවෙන් උසස්වේ.

මේෂ- කටක- සිංහ- කන්‍යා- තුලා- ධනු- කුම්භ- වැනි ලග්නයකින් ඉපිද මෙලෙස රවි ග්‍රහයා 9 වැනි කොටුව තුළ සිටීමෙන් ඉහත සඳහන් ශුභඵල බොහොමයක් ඔවුන්ට හිමිවන අතර තනතුරු නිලතල වරප්‍රසාද ලාභියෙකු ද වනු ඇත. ඔබ විවාහයෙන් පසු වැඩි වශයෙන් දියුණුවන,ක්‍රමයෙන් උසස් ජීවන තත්වයකට පත්වන අයෙකු වනු ඇත. සැලකිය යුතු උසස් අධ්‍යාපනයක් ලබයි.එසේම මොවුනට සමාජයේ සැලකිලි ගෞරව සහිතව ජීවත් වීමටත් පුළුවන්කම ලැබේ.

උපන්කේන්දරසටහනේඅකුරනියෝජනයකරනග්‍රහයාහෙවත්රවිග්‍රහයා10වැනි කොටුවේසිටීනම්:-

මෙය යහපත් පිහිටිමකි. ඔබ උපන් ලග්න කේන්දරයේ රවි ග්‍රහයා 10 වැනි කොටුව නියෝජණය වන ස්ථානයේ සිටීනම් තිරවශයෙන්ම සාර්ථක සැපවත් ජීවිතයක් ඔබට ගත කල හැකිය. ඔබ ආත්ම විශ්වාසයෙන්  ආත්ම ගෞරවය ආරක්ෂා කරගෙන කටයුතු කරයි.විශේෂයෙන් ඔබගේ ජිවිතයේ සාමාන්‍යය කටයුතු වලදී වුව විශාල වශයෙන් හෝ සුළු වශයෙන් හෝ ප්‍රසිද්ධියක් ඔබට ලැබෙනු ඇත.

ඔබගේ දක්ෂතා පෙන්වීමට ඔබ වැදගත් වැඩක් කාර්්‍යභාරයක් විශේෂ ව්‍යාපෘතියක් යනාදියක් කුමන අයුරින් හෝ කරයි. නැතහොත් එවැනි තත්ත්වයක් තම රාජකාරි ස්ථානය කෙරෙන් හෝ ඔබට පැවරෙනු ඇත.එසේම  ඔබ අන්‍යයන් අතර කැපී පෙනෙන තත්වයට ද පත්වේ. පියා‍ගේ රැකියා ව්‍යාපාරාදියට  සම්බන්ධ වෙමින් ඒවා වැඩිදියුණු කරමින් ජීවනෝපාය සකසා ගැනීමටත් ඔබට පුළුවන. බොහෝ දුරට මෙවැනි අය පියාගේ රැකියාවට උරුමකම් කියයි. පියා කල වෘත්තියේම ඔබත් නියුතු වේ. ඔබ සුළු සුළු රැකියාවන් හෝ ව්‍යාපාරවලට කැමති නැත.ප්‍රධාන පෙළේ උසස් තත්වයේ රැකියාවන්ට ව්‍යාපාරවලට කැමැත්තක් දක්වයි. බලය ලබා ගැනීමටත් අන්‍යයන් පාලනය කිරීමටත් අන් අය අතරේ ප්‍රධානත්වයෙහිලා කටයුතු කිරීමටත් ඔබ වැඩි ආශාවක් දක්වයි. එම තත්වයට ඔබ කෙසේ හෝ පත්වේ. වැදගත් විශේෂ පුද්ගලයන් රැසක් ආශ්‍රය කිරිමට ඔබට ඉඩකඩ ලැබේ.

කටක -සිංහ- කන්‍යා- වෘශ්චික- ධනු- මකර- කුම්භ- මීන වැනි ලග්නයකින් ඉපිද මෙසේ රවි ග්‍රහයා 10 වැනි කොටුවේ සිටිනම් ඉහත සඳහන් ශුභඵල බාධාවකින් තොරව ඔවුනට ලැබේ. වැඩ කටයුතු වලට දක්ෂයකු වෙයි. ආර්ථික හා දේපල අතින්ද සැලකිය යුතු දියුණුවක් ලැබ සැපවත් උසස් දිවියක් ගතකරයි. ඔබට ඥාති මිත්‍රයන් සමගත් උසස් අය සමගත් සාර්ථක ඇසුරක් සාර්ථක සබඳතාවක් පවත්වා ගත හැක.සමාජයේ ප්‍රසිද්ධ පුද්ගලයෙකු බවටත් පත්වේ.

උපන්කේන්දරසටහනේඅකුරනියෝජනයකරනග්‍රහයාහෙවත්රවිග්‍රහයා11වැනි කොටුවේසිටීනම්:-

මෙය නිසි කලට නිසි තැන ලැබෙන ග්‍රහ යෙදුමකි.එසේම මෙය තම තත්ත්වයට කාලයට අනූව නියම වටිනාකම ලැබෙන හිමිවන ග්‍රහ යෙදුමකි. ඔබගේ ජීවිතයේ දියුණුවඋදෙසාක්‍රමයෙන් කටයුතු පිළියෙල වේ. කීකරු අවංක අයෙකි. රටේ සමාජයේ බලවතුන් සේ සිටින අය සමඟ සම්බන්ධතා ඇතිවේ. ඔබට ද ඔවුන්ගේ තත්වයෙන්ම ජීවිත් වීමට ඉඩ ලැබේ.

උසස් අයගෙන් ඔබට සැලකිලි උදවු උපකාර යනාදිය ද ලැබෙනවා ඇත. විශේෂයෙන් ඔබට වඩා උසස් අයගෙන් වැඩිහිටියන්ගෙන් රාජකාරී ස්ථානයේ ප්‍රධානීන්ගෙන් විවිධ ආධාර උපකාර යනාදියත් ලැබේ. ඔබට සමාජයේ උසස් ලෙස පෙනී සිටීමට පුළුවන.

කුමන ලග්නයකින් ඉපිද හෝ මෙලෙස රවි ග්‍රහයා 11 වැනි ස්ථානයේ වී සිටීනම් එය ජීවන ගමන සාර්ථක කරන ජීවිතයේ වයස් ගතවන්නට වන්නටඋසස් සැපවත් දිවියක් භුක්ති විදීමට පුළුවන්කමක් ලැබෙන යහපත් තත්වයකි. තමා තුළ පවතින විශේෂ හැකියා කුසලතා දක්ෂතා නිසා ප්‍රසිද්ධිය සැලසෙන වාසනාව ද ඔබට මෙමගින් හිමිවනුඇත.

රැකියා ව්‍යාපාර ආදියෙන් සැලකිය යුතු උසස් තත්වයට පත් වී ස්ථීර ප්‍රධාන තත්වයක් ද හිමි කර ගනී. ගෙදර දොර ජීවිත‍යේ ප්‍රීතිය හා සැනසීම ද ඔබට ලැබේ.

උපන්කේන්දරසටහනේඅකුරනියෝජනයකරනග්‍රහයාහෙවත්රවිග්‍රහයා12වැනි කොටුවේසිටීනම්:-

මෙය එතරම් යහපත් පිහිටීමක් නොවේ. මෙම ග්‍රහ පිහිටීම ඔබේ කේන්දරයේ ඇත්නමි ඔබ ගනුදෙනු හා හවුල් කටයුතු වලදී වඩාත් ආරක්ෂාකාරී වන්න. සිත් තැවුල් නිතර නිතර මෙන් හටගනී. විවාහයෙන් පසු දෙමාපියන් වැඩිහිටියන් සමඟ සම්බඳතාව සම්බන්ධය දුරස් නොකරගන්න. හුදෙකලා ජීවිතයට වැඩි වශයෙන් ප්‍රියවෙයි. වෛද්‍යකෙෂ්ස්ත්‍රයේ රැකියා ව්‍යාපාරයන්ට යොමුවේ. විශේෂයෙන් ඔබ ඔබ සමඟ මෙන්ම සමාජය සමඟ කරන කටයුතු වැඩවලදී වඩාත් අවංක වන්න.

ඇස් රෝග උදරාබාධ පහසුවෙන් වැළදේ. ඔබ උදවු කල අය ඔබගෙන් උදවු ලබාගත් අය පසුවට ඔබට කරදර හිරිහැර කරනු ඇත. වැඩිකල් මිත්‍රත්ව පවත්වාගෙන යාම ඔබට අසීරුය. ජිවිතයේ මුල් කාලයේදී සිටමමෙන් ඔ‍බගේ වැඩ කටයුතු ක්‍රියාකාරකම් වලට විවිධ බාධක අවහිර යෙදේ. එනිසා ඔබ මේවා කෙරේ නිසි අවබෝධයකින් අවධානයකින් කටයුතු කරන්න. ආත්ම විශ්වාසය හා අධිෂ්ඨානය බිඳ නොගෙන කටයුතු කිරීමට ඔබ නිබඳව වගබලා ගන්න. දිවියේ මුල් කාලය ප්‍රශ්ණ ගැටලු උග්‍ර වුවත්  අග භාගය නිදහස්ය. ඔබ කරන කියන දෙයින් ප්‍රතිඵල අත්වන්නේ එය අතහැර දැමූ පසුය.නිතර නිතර ඇසක ආබාධයක් හෝ දත්වල දෝෂයක් දැනෙයි.

ඉදිරි ලිපියෙන් සදු ග්‍රහයා ගේ ස්ථාන 12 යෙදුමෙ ප්‍රතිපල ලියා දක්වන්නෙමු.

(වශිෂ්ඨ)

ආරාධනාවයි !

ජ්‍යෝතිෂ ලේඛක ලේඛිකාවනි,  ඹබ ප්‍රවීන  හෝ ආධුනික ජ්‍යෝතිෂ වෙදියෙක් ද එසේනම් ඔබගේ හරවත් ශාස්ත්‍රීය ජ්‍යෝතිෂ ලිපි අපගේ මෙම වෙබි අඩවියේ පළකිරීමට යුනිකෝඩි පරිඝණක අක්ෂරවලින් සකස්කර ලියා එවන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *