මාධ්‍ය පත්තුකරපු පත්තු කිරිල්ලනිසා දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ කපපු ලයිට් යළි පත්තු වූ වගයි!

ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට අද සවස යළි විදුලිය සැපයූ බව දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති මිල්ලානේ සිරියාලංකාර නාහිමියන් සඳහන් කළහ.

විදුලි බිල නොගෙවූයේ යැයි ඊයේ (28) සවස ආරන්‍ය සේනාසනයේ  විදුලිය විසන්ධි කළේය.

ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනය වෙත හිටපු ජනාධිපති දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතා විසින් අඛණ්ඩව විදුලිය ලබාදීම නොමිලේ සිදුකර ඇති අතර එලෙස අඛණ්ඩව ලබා දුන් විදුලිය ඊයේ දින ඉතිහාසයේ පළමුවරට විසන්ධි කිරිමට විදුලි බල මණ්ඩලය කටයුතු කර තිබුණි.

මේ හේතුවෙන් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ සාමණේර භික්ෂූන් වහන්සේලා මෙන්ම ගිලන්, භික්ෂූන් වහන්සේලා දෙසියනමක් දැඩි අසීරුතාවට පත් සිටි බව දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් සඳහන් කළහ.

මේ බව ‍විද්්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් දිගින්දිගටම  අනාවරණය කිරීමත් සමඟ ඊට බලධාරීන්ගේ අවධානය යොමුවීමෙන් අද සවස විදුලි ලබාදීමට පියවර ගත් බව දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති මිල්ලානේ සිරියාලංකාර නාහිමියන් සඳහන් කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *