Lanka Dollar ව්‍යාපෘතිය ඇරබෙයි: මව්බිමේ සිටම ගෝලීය රැකියාවක නිරතවෙමු !

Youth to Globe Digital Platform යනු ශ්‍රී ලාංකිකයින්ට, විශේෂයෙන් තරුණ තරුණියන්ට සිය මව්බිමේ ජීවත්වෙමින් විදේශ රටවල තිබෙන රැකියා කරමින් හෝ
ඩිජිටල් සේවා ලබා දෙමින් විදේශ විනිමය (ඩොලර්) ආදායම් ලබාගැනීමට අවස්ථාව සළසාදෙන ඩිජිටල් අවකාශයකි.
එහි සමාරම්භය ලෙස Lanka Dollar වැඩසටහන ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පසුගිය (නොවැම්බර් 23) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී ‘ලලිත් ඇතුලත්මුදලි පදනමේ’ සභාපති හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායකගේ ආරාධනයෙන් දියත් කරන ලදී.
ශ්‍රී ලාංකිකයිනට ජාත්‍යන්තරව පවතින රැකියා අවස්ථා ශ්‍රී ලංකාවේ සිටම සිදු කිරීම සදහා අවශ්‍ය ඩිජිටල් ක්ෂේත්රයේ තාක්ෂණික දැනුම හා කුසලතා ලබාදීමත්, ඔවුන්ට අවශ්‍ය උපදේශන හා සම්බන්ධීකරණ සේවා ලබා දීමත්, භාෂා දැනුම ලබා දීමත්, මෙම ක්ෂේත්රය නියුතු වෘත්තිකයින් ජාලගත කිරීමටත්, මෙම ක්ෂේත්රයේ උන්නතිය සදහා ප්‍රතිපත්ති සම්පාදනයට බලපෑම් කිරීමටත්, මෙම ක්ෂේත්රය ප්‍රවර්ධනය කිරීමටත් ආදී ක්‍රියාදාමයන් තුලින් ශ්‍රී ලාංකික මානව සමපත මව්බිම තුලම රදවා ගනිමින් අවම සම්පත් භාවිතයෙන් රටට අවශ්‍ය විදේශ විනිමය ලබා ගැනීමේ ප්‍රධාන ප්‍රභවයක් ලෙස යොදා ගැනීම මෙම වැඩසටහනේ අපේක්ෂාව වෙයි.