අ‍ප්‍රේල් 29 ශණි වායෝ රාශියට! දේශපාලකයින් කල යටිකූටු වැඩ එකෙන් එක එළියට!

මෙම අළුත් අවුරුද්දේ හෙවත් 2022 වසරේ මෙම අප්‍රේල් 29 වැනි සිකුරාදා දිනයේදී  සමාජයතුල පෙරළිකාර සිදුවීම් රැසක් ඇතිකරන ග්‍රහලොව පෙරලිකාර ග්‍රහයෙක් වන සෙනසුරු හෙවත් ශණි ග්‍රහයා වායෝගුණය අධිකම රාශීය වූ කුම්භ රාශීයට පැමිණීම සිදුවෙයි.

ආකාශ ගෝලයේ ක්‍රියාකාරී බලය සහමුලින්ම පතුරුවා හරින බලය කුම්භ රාශියතුල මතුවේ.එසේම වායු ප්‍රකෘතිගුණය අධිකම රාශිය මෙම කුම්භ රාශියයි.

සෙනසුරු හෙවත් ශණි ග්‍රහයා ද වායෝගුණය අධිකවම ගැබ්ව ඇති ග්‍රහයා හෙයින් මෙම ග්‍රහ සංයෝගය කුම්භ රාශිය මත සංකලනය වීම පදනම් කොට මෙතෙක් යම් යම් පුද්ගලයන් තුල යටිසිතේ කැකෑරෙමින් බලපැවති ආවේගයන් පිටවී එය  වායුවක් සේ ව්‍යාප්තවීම සිදුවෙයි. පොදුජන කාරක ග්‍රහයා මෙන්ම පොදුජන කාරක රාශීය වූ මෙම කුම්භ රාශියතුල ශණි ගේ හැසිරීම හේතුකොට මෙම අප්‍රේල් 29 වැනිදායින් පසු දේශපාලන කරළියේ රහස් රැසක් එකෙන් එක පොදුජන සමාජයතුල විසිරී පැතිරීම සිදුවන බැවින් මෙතෙක් කලක් යටගසාගෙන සිටි සන්වේදී කරුණු රැසක් ජනසමාජයතුල ජනගතවීම ප්‍රසිද්ධවීම මෙතැන්සිට ඇරබෙනු ඇත.

එබැවින් පසුගිය කාලවකවාණුව තුල ශ්‍රීලංකා දේශපාලන නාටක වේදිකාව තුල රගදැක්වූ ප්‍රබල චරිත රැසක් දේශපාලන ක්‍රීඩාව කල ආකාරය ඔවු නොවුන් ගේ දේශපාලන බලය තහවුරු කරගැනීම උදෙසා රටතුල සමාජයතුල ඉතා රහසිගතව සූක්ෂමව කල කී දේත් රහස් කූටෝපායන් කුමණ්ත්‍රන දේශපාලන යටිකූටු වැඩ රාශීයක් එකෙන් එක විවිධ පුද්ගලයන් විසින් ජාත්‍යන්තර ආයතන විසින් සමාජ ගතකිරීමටත් ඒවා එළිකිරීමටත් ඉදිරිපත්වීම හේතුවෙන් දේශපාලන කරළිය තුෂ්නීම් භූත වී යයි.

මේ අනුව මෙතෙක් රටේ සමාජයේ කිසියම් ගෞරවක් කීර්තියක් ලබාගෙන සිටි ඇතැම් දේශපාලකයින්ගෙත් සිංහ හම ගැලවී බැටලුහම මතුවීම සිදුවෙයි.දේශපාලන බලපොරය උදෙසාම කල විවිධ සූක්ෂම කුමණ්ත්‍රණ රහස් රැසක් වායුවක් සේ ව්‍යාප්තවී විසිරී පැතීරීයෑම මෙම අප්‍රේල් 29 වැනිදා සෙනසුරු ග්‍රහයා කුම්භ රාශීයට පැමිණීමෙන් පසු සිදුවීම පෙන්නුම් කරයි. එබැවින් මෙය සමාජ පෙරළියක් සිදුවන කාළවකවාණුවක් ද වනු ඇත. මෙය අනාගත රටේ යහපත උදෙසා පොදුජනතාවට පුද්ගලයින් තේරැම් බේරුම් කරගනිමින් ජනී ජනයාතුල පවතින බේදවීම් පහවීයෑමටත් සිත්තුල හටගෙන ඹවුනොවුන් තුල හටගෙන තිබුනු නපුරට හැරුණු සිතුවිලි සමනයවීමටත් හේතුවෙයි.

ජ්‍යෝතිෂවේදී   
බෙන්තොට – හේමන්ත   

Leave a Reply

Your email address will not be published. Required fields are marked *