නිවාස හෝ ව්‍යාපාරිකස්ථාන වලට මුල්ගල් තැබීමට සුබ නැකත!

අපගේ මෙම හිරුමඞල වෙබ් අඩවියට පිවිසෙමින්  අප සපයන සේවාවෙන් නිසි පලප්‍ර යෝජන ගන්නා බුද්ධිමත් හිතාදර පාඨකයිනි !

ඔබගේ වටිනා කාලය ධනය ශ්‍රමය  අපතේ නොයවා ගෙන ඔබට අවශ්‍යවන සුබ නැකත් අපගේ මෙම වෙබ් පිටුව මගින් කිසිදු ගෙවීමකින් තොරව ඉතාවිස්වාස වන්තව  ලබාගැනීමට කටයුතු පිළියෙල කරදී ඇති බැව් අප ඉතා නිහතමානීව සතුටින්  ඔබවෙත දන්වනු  කැමැත්තෙමි.

අප ඉපැරණි ශාස්ත්‍රීය පදනම මත පිහිටා ඉතා කැපවීමෙන් බලවත් ශාස්ත්‍රානූකූල ප්‍රතිපලදායි මෙම සුබ නැකැත් ඔබ වෙත පිරිනමන නිසා කිසිදු සැකයකින් තොරව මින් නිසි පලප්‍ර යෝජන ගන්නා මෙන් සෙනෙහසින් දන්වනු කැමැත්තෙමි.මෙය හුදෙක් මෙම වටිනා  ශාස්ත්‍ර යේ උන්නතිය වෙනුවෙන් කරන සමාජ සත්කාරයකි.

දිනය :-  

ක‍්‍රිස්තු වර්ෂ 2022 ක් වූ මාර්තු  මස 04 වැනි සිකුරාදා දින මුල්ගල් තැබීම උදෙසා ප‍්‍රශස්ථ නැකතක් ඇත.

මෙම නැකත ගෙවල් චක‍්‍රයට, වෘෂභ චක‍්‍රයට ගැලපෙන දොෂ්නැති ප‍්‍රතිපලදායක සුබ නැකතකි.

වේලාව :- 

ලණු ඇදීම –              මෙදින පෙරවරු. 07. 38   ට

අත්තිවාරම කැපීම –   මෙදින පෙරවරු. 07. 55 

මුල්ගල තැබීමත් –      මෙදින පෙරවරු.08. 31 

 යනාදි කාර්්‍යයන් කිරීම  ඉතා සුබදායක වන්නේය.  

(මෙම සියළු නැකැත් උතුරු දිශාව බලා ගන්න.)

අවධාණයට :-

මෙම සුබ නැකත ගැනීමට හැකි ගෘහමූලිකයන් වන්නේ  :-

( කැති- උත‍්‍රපල් -උත‍්‍රසල ) 

( මුවසිරිස- සිත -දෙනට  ) 

( පුනාවස-  විසා –   පුවපුටුප   )   

( දෙට -අස්ලිස -රේවතී  )   

( මුල – අස්විද  – මා  )     

යන මෙම නැකැත් 15න් එකකට හසුව උපන් ගෘහමූලිකයන්ට පමණක් මෙම නැකත සීහේ. ඔවුනට මෙම නැකත ගතහැක.

ගෘහමූලිකයාගේ උපන් නැකත මෙම නැකැත් 15න් එකකට හසු නොවන්නේ නම් ඔවුනට මෙම නැකත සීහෙන්නේ නැත. එබැවින් ඔවුනට මෙම නැකත ගත නොහැක.

ඒ එසේ වුවද බිරිඳගේ හෝ පවුලේ වෙනත් සාමාජිකයෙක්ගේ නැකතකට හෝ මෙම නැකත් අයත්නම් ඔවුනට හෝ මෙම නැකත ගතහැක. ගෘහමූලිකයාට ගැලපෙන්නේනම්  වඩාත් සුබයි.

  විශේෂයි :-    

1)    නිවසෙහි මුල්ගල ඉඩමෙහි නැගෙනහිරත් – උතුරත් අතර ස්ථානයේ හෙවත් ඊශාන දිශාවට බරව තැබීම කලයුතු නිසා අත්තිවාරම කපන විට ප‍්‍රථමයෙන්ම එම ස්ථානයට අදාල ප‍්‍රදේශය කැපීම කරන්න. එබැවින් මුල්ගල තැන්පත් කිරීමට ඊශාන දිශාවට බරව කපා එහිම මුල්ගල හා මඟල්කප සිටුවීම කරන්න.

(මඟල්කප සදහා පල දරණ කිරිගසක ලීදඬුවක් ගන්න.)                                

                                                    එසේම මෙය උළුවස්සක් නොයෙන ඇතුල් බිත්තියකට හසුවන තැනකට තබන්න. එසේම නිවසේ පිටපැත්තේ බිත්තියක් එන තැනක මුල්ගල නොතබන්න.

2)    ලණු ඇදීම සඳහා ගසන ප‍්‍රථම ශංකුව හෙවත් කුඤ්ඤය : භූමනාග ශාස්ත‍්‍රානුකූලව ඉඩමෙහි නැගෙණහිර දිශාවේ ගසනු. එම දිශාවේ පොළව මත සිටුවන ප‍්‍රථම කූඤ්ඤය යලි කිසිදු මොහොතක ගැලවීම නොකර එය පොළව යටටම ගසා තදකර දමන්න.  පොළව මතුපිටට නොපෙනෙන සේ යටටම බස්සවන්න. (මේ සඳහා ලී දඬුවකින් සැකසු ශංකුවක් ) භාවිතා කරන්න. යකඩ ලෝහ වැනි දේ මේ සඳහා නොගන්න. (මඟුල් කරද -නුග- බෙලි- ඇත්දෙමට -කොහොඹ -මාදන් පේර- දිඹුල් දේවදාර- කොබෝලීල- සූරිය- බුරුත -නැදුම්- මිල්ල-රඹුටන් ) වැනි ලීයක් ගන්න.

මුල්ගල තබන විට මුල්ගල මතම කුඩා බඳුනකට නවරත්න මැණික් රත‍්‍රං රිදී සහ වටිනාකර ද්‍රව්‍යයන් මෙන්ම පස්ලෝ වලින් සැකසු අලි රූපයක් හා මෝයකට වැලි, ඇතා දළ ඇන්න තැන පස්, සමඟම කස්තුරි ගෝරෝචන, සමන් පිච්ච මල් හා වටිනාකර ද්‍රව්‍ය වැනි දේවල්ද එහි තබා මුල්ගල සමඟම තැන්පත් කරන්න.

මුල්ගලට හෝ වේවා අත්තිවාරමේ කිසි ස්ථානයකට ‍ෙභෙරව පූජාවෙන් සකසා දෙන ආරක්‍ෂිත කුප්පි මුට්ටි වැනි දේ නොදමන්න.

තඹ හෝ රන් රිදී පත‍්‍රයක ලියු ආරක්‍ෂක පිරිතක් යන්ත‍්‍රයක් තැන්පත් කලාට කම් නැත.  යකඩ ඇණ බහා තිබෙන කිසිදු ආරක්‍ෂක මුට්ටියක් අත්තිවාරමේ කිසිදු තැනකට නොදමන්න.

       (එම සියල්ල ඉඩමේ අටකොන තැන්පත් කරන්න. ‍)

විශේෂයෙන් ගෘහ මූලිකයා විසින් අත්තිවාරම කැපීම කරන මොහොතටම හෙවත් ප‍්‍රථම උදලූ පහර ගසන මොහොතටම පවුලටම සම්බන්ධ හිතවත් අයෙකු විසින් එම ස්ථානය ආසන්නයේම පොල්ගෙඩියක්ද බිඳ දමන්න.

       සර්වාර්ථ  සිද්ධි  රස්තු !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *