නව නිවාස වලට පිවිසීම උදෙසා සුබ නැකත !

අපගේ මෙම හිරුමඞල වෙබ් අඩවියට පිවිස  අප සපයන සේවාවෙන් නිසි පලප්‍ර යෝජන ගන්නා බුද්ධිමත් හිතාදර පාඨකයිනි !

ඔබගේ වටිනා කාලය ධනය ශ්‍රමය  අපතේ නොයවා ගෙන ඔබට අවශ්‍යවන සුබ නැකත් අපගේ මෙම වෙබ් පිටුව මගින් කිසිදු ගෙවීමකින් තොරව ඉතාවිස්වාස වන්තව  ලබාගැනීමට කටයුතු පිළියෙල කරදී ඇති බැව් අප ඉතා නිහතමානීව සතුටින්  ඔබවෙත දන්වනු  කැමැත්තෙමි.

අප ඉපැරණි ශාස්ත්‍රීය පදනම මත පිහිටා ඉතා කැපවීමෙන් බලවත් ශාස්ත්‍රානූකූල ප්‍රතිපලදායි මෙම සුබ නැකැත් ඔබ වෙත පිරිනමන නිසා කිසිදු සැකයකින් තොරව මින් නිසි පලප්‍ර යෝජන ගන්නා මෙන් සෙනෙහසින් දන්වනු කැමැත්තෙමි.මෙය හුදෙක් මෙම වටිනා  ශාස්ත්‍ර යේ උන්නතිය වෙනුවෙන් කරන සමාජ සත්කාරයකි.

දිනය :-                   

ක‍්‍රිස්තු වර්ෂ 2021 ක් වූ නොවැම්බර්  මස 29 වැනි සඳුදා දින නව නිවාසවලට පිවිසීම උදෙසා ප‍්‍රශස්ථ නැකතක් ඇත.

මෙම නැකත ගෙවල් චක‍්‍රයට ලිප් චක‍්‍රයට ගැලපෙන දොෂ්නැති ප‍්‍රතිපලදායක සුබ නැකතකි.

වේලාව :- 

 නිවසට පිවිසීම –  මෙදින පෙරවරු.06. 08  ට

 කිරඉතිරවීම –     මෙදින පෙරවරු. 06. 14   ට

 ආහාර අනුභවය – මෙදින පෙරවරු.07. 03

  ඉතා සුබදායක වන්නේය.  (මෙම සියළු නැකැත් දකුණු දිශාව බලා ගන්න.)

සැ.යු.

කිරි උතූරුවන වේලාවටම මුළුතැන්ගෙයි කිරිබතකට සහල් ද ලිපතබන්න. එහිදී සකසන කිරිබත බුද්ධ පූජාව තබා තෙරුවන් නැමදිමෙන් පසු ආහාර අනුභවය කරන සුබ වේලාව පවුලේ සැම එක්ව ආහාරයට ගන්න.

අවධාණයට :-

මෙම සුබනැකත ගැනීමට හැකි  ගෘහ මූලිකයන් වන්නේ :- 

( රෙහෙණ- හත- සුවණ   )   

( මුවසිරිස- සිත -දෙනට  ) 

( පුනාවස -විසා -පුවපුටුප  )  

( දෙට -අස්ලිස -රේවතී   )    

( බෙරණ- පුවසල -පුවපල්  )       

යන මෙම නැකැත් 15න් එකකට හසුව උපන් ගෘහමූලිකයන්ට පමණක් මෙම නැකත සීහේ. ඔවුනට මෙම නැකත ගතහැක.

ගෘහමූලිකයාගේ උපන් නැකත මෙම නැකැත් 15න් එකකට හසු නොවන්නේ නම් ඔවුනට මෙම නැකත සීහෙන්නේ නැත. එබැවින් ඔවුනට මෙම නැකත ගත නොහැක.

ඒ එසේ වුවද බිරිඳගේ හෝ පවුලේ වෙනත් සාමාජිකයෙක්ගේ නැකතකට හෝ මෙම නැකත් අයත්නම් ඔවුනට හෝ මෙම නැකත ගතහැක. ගෘහමූලිකයාට ගැලපෙන්නේනම්  වඩාත් සුබයි.

සැ:යු:

නිවසේ ආලින්දයේල කිරි උතූරුවන වේලාවටම මුළුතැන්ගෙයි කිරිබතකට සහල් ද ලිපතබන්න. එහිදී සකසන කිරිබතින්ම බුද්ධ පූජාව තබා තෙරුවන් නැමදිමෙන් පසු ආහාර අනුභවය කරන සුබ මොහොතට ස්වාමියා බිරිඳ හා දරුවන් යන පවුලේ සැම එක්ව එකම මේසයක හිද ආහාරයට ගන්න. (මාංශ මිශ‍්‍ර ආහාර මේ සදහා නොගන්න)

                                නව නිවසට පිවිසෙන විට දල්වාගත් ගිතෙල් පහනක් හා පුරවාගත් වතුර කලයක් සමග ඉතිරවීමට ගන්නා කිරිපුරවා ගත් භාජනයත්, පිච්චමල් බදුනක් ද රැගෙනයෑම යහපත් වන අතරම ඒත් සමග කුල්ලකට දමාගත් ධාන්‍ය වර්ග (සහල් වී තුනපහ මිරිස් වැනි දේත් ) මෙන්ම මුදල් රන් රිදී වැනි වටිනාකර ද්‍රව්‍යයන් ද දුර්ලභ වස්තූන් ද ඇත්නම් ඒත් සමගම රැගෙන යන්න.

මෙම සියළු භෞතික සම්පත් ද්‍රව්‍යයන් පසුව නිවසෙහි ඊශාණ දිශාවේ ස්ථානයක අන්‍යයන්ට නොපෙනෙන තැනක විශේෂ බඳුනක බහා තැන්පත් කර තබාගන්න.

නිවසට පිවිසීමෙන් පසු ගිතෙල් පහන සහ පිච්චමල් බදුන මෙන්ම පැන් කලයේ ඇති පැන් වීදුරුවක් ද ගෙන නිවසතුල සකසා ඇති  බුදුකුටියට පූජා කොට ඉන්පසු  කිරිඉතිරවීම කරන්න.

                කිරි ඉතිරවන වේලාවටම ආගමික වත්පිළිවෙත් මත පිරිත් කියවීම කරවා එය තුන් වේලක් ලෙසට කරමින් පසු දින උදෑසන හීල් දානය ද සමග එම කාර්්‍යය අවසන් කරගැනීමට හැකිනම් එය වඩාත්ම යහපත්යග

විශේෂයි     

නව නිවසට පිවිසි මොහොතටම  පහත සදහන් වාරිත‍්‍රය ද කරන්න :-

නිවස තැනීමේදී අත්තිවාරමේ ලණු ඇදීම කල වඩුකාර්මිකයා හා පෙදරේරු ශිල්පියා යන දෙදෙනාවත් මෙම අවස්ථාවට සහභාගි කරගෙන ඔවුන්ට ද ආහාර පානාදියෙන් සංග‍්‍රහ කොට මිළ මුදල් තෑගි භෝගාදියක් ද පිරිනමා සතුටු සිතින් පිටත්කර යැවිය යුතුයි. මෙයද පුරාණ වාරිත‍්‍රයකි.

                      සර්වාර්ථ  සිද්ධි  රස්තු !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *