අකුරු කියවීමට හෙවත් විද්‍යාරම්භයට සුබ නැකත !

අපගේ මෙම හිරුමඞල වෙබ් අඩවියට පිවිස  අප සපයන සේවාවෙන් නිසි පලප්‍ර යෝජන ගන්නා බුද්ධිමත් හිතාදර පාඨකයිනි !

ඔබගේ වටිනා කාලය ධනය ශ්‍රමය  අපතේ නොයවා ගෙන ඔබට අවශ්‍යවන සුබ නැකත් අපගේ මෙම වෙබ් පිටුව මගින් කිසිදු ගෙවීමකින් තොරව ඉතාවිස්වාස වන්තව  ලබාගැනීමට කටයුතු පිළියෙල කරදී ඇති බැව් අප ඉතා නිහතමානීව සතුටින්  ඔබවෙත දන්වනු  කැමැත්තෙමි.

අප ඉපැරණි ශාස්ත්‍රීය පදනම මත පිහිටා ඉතා කැපවීමෙන් බලවත් ශාස්ත්‍රානූකූල ප්‍රතිපලදායි මෙම සුබ නැකැත් ඔබ වෙත පිරිනමන නිසා කිසිදු සැකයකින් තොරව මින් නිසි පලප්‍ර යෝජන ගන්නා මෙන් සෙනෙහසින් දන්වනු කැමැත්තෙමි.මෙය හුදෙක් මෙම වටිනා  ශාස්ත්‍ර යේ උන්නතිය වෙනුවෙන් කරන සමාජ සත්කාරයකි.

දිනය :-                   

      ක‍්‍රිස්තු වර්ෂ 2021 ක් වූ දෙසැම්බර්  මස 13වන සඳුදා  දින ළදරුවන්ට අත්පොත් තැබීමට හෙවත් අකූරු කියවීම උදෙසා ප‍්‍රශස්ථ නැකතක් ඇත.

වේලාව :- 

 මෙදින  පෙරවරු- 11. 17 ට  උතුරු   දිශාව බලා දරුවාට අකූරු කියවීම ශූභදායක වන්නේය.

( මෙහිදී දරුවාව පිරිසිදු කොට සුදු වර්ණ ඇඳුමක් අන්දවන්න.)

අවධාණයට :-

මෙම සුබ නැකත ගැනීමට හැකිවන්නේ :-   

( රෙහෙණ- හත- සුවණ)   

( අද-  සා – සියාවස    )

( අනුර -පුෂ -උත‍්‍රපුටුප   )

(මුල – අස්විද  – මා   )      

( බෙරණ- පුවසල -පුවපල්  )       

‍යන මෙම නැකැත් 15න් එකකට හසුව උපන් දරුවන්ට පමණි. මෙම නැකත එම දරුවනට සීහේ. ඔවුනට මෙම නැකත ගතහැක.!

ඔබේ දරුවාගේ උපන් නැකත මෙම නැකැත් 15න් එකකට හසු නොවන්නේ නම් එම දරුවන්ට මෙම නැකත සීහෙන්නේ නැත. ඔවුනට මෙම නැකත ගත නොහැක.

ළමයාට අකුරු කියවීමට පෙර පහත සදහන් පරිදි   පුදපූජා පවත්වන්න.

කුඩා මේසයකට හෝ ටීපෝවකට සුදු රෙද්දක් අතුරා කෙසෙල් කොළයක් ඒමත තබා, ගණ දෙවිඳුගෙ සහ සරස්වතී දේවියගේ  දේවරූප දෙක එහි තැන්පත්කොට කෙසෙල් කොළය මත කිරිබත්, සුවදැල් කෙසෙල්, කිතුල් හකුරු, උක්ගස්, තල, වීපොරි, මීපැණි, ඉදුණු අඹ ගෙඩියක් යන ද්‍රව්‍ය පූජාව ලෙස තබා එළඟිතෙල් පහන් දෙකක් ද දල්වා ළමයාව ද සහභාගි කරගෙන මෙලෙස පූජාව තබන්න.

                                                                     ප‍්‍රථමයෙන් ලොව්තුරු බුදුහිමි වෙනුවෙන් කිරිබත් මල් පහන් ගිලන්පස සුවඳදුම් පුදා තෙරුවන් නැමැද, ඉන් අනතුරුව දෙවියන් උදෙසා ඉහත සදහන්කර ඇති පරිදි පුදපූජාව තබන්න. ඉන්පසු සුබ මොහොතට සුදුසු අයෙක් ලවා අකූරු කියවීම කරන්න.

අකූරු කියවන කෙනා ගිතෙල් පහනේ තෙල් ස්වල්පයක් අතැඟිලි තුඩට ගෙන (ස්වස්ථි සිද්ධම්) යන වැකිය ඊට තෙවරක් කියවා ආදරයෙන් ළමයාගේ හිස අතගා ළමයාගේ අතින්ද පැන්සල අල්ලා ප‍්‍රථම අකූර කියවන්න.

       සර්වාර්ථ  සිද්ධි  රස්තු !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *