දිවිමග සැපවත් කරන ග‍්‍රහ යෝග !

දිවිම`ග  සැපවත් කරන ග‍්‍රහ යෝග මැයෙන් පසුගිය සතියේ සිට ලියා පළකරන්නට යෙදුනු පුද්ගල කේන්දර සටහන්වල පවතින විවිධ ග‍්‍රහ යෝග අතුරින්  රවි , සඳු ග‍්‍රහයින්  දෙදෙනා මුලික කොටයෙදුනු වෙශී වොශී , උභයචාරි යෝග හා සුනපා අනපා දුරුධුරා යෝග සමිබන්ධ පුළුල් විස්තරයක් පාඨක ඔබ වෙත ලියා දැක්වුයෙමි. එම යෝග පුද්ගල ජිවිතය සැපවත් කිරිමට ඉවහල් වන බව තම කේන්දර සටහන් ගෙන බැලිමෙිදී මනාව අවබෝධවන්නට ඇතැයි සිතමි.

එබැවින් මෙතැන් සිට තවත් එවැනිම ග‍්‍රහ යෝග කිහිපයක් යෙදෙන පිළිවෙල ද සමගින් පාඨක ඔබගේ අවබෝධය සඳහා ලියා පළකරන්නෙමු. මෙම පහත සඳහන් ඒඒ ග‍්‍රහ යෝගයන් ද පුද්ගල ජිවිතය සැපවත් කිරිමට හේතු වන්නේය.

           * චතුස්සාගර  යෝගය :-

කිසියමි කේන්දර සටහනක මෙම ග‍්‍රහ යෝගය යෙදී තිබෙන්නේ මෙලෙසය.

උත්පත්ති කේන්දර සටහනේ කේන්දාස්ථාන සතරෙහිම හෙවත් 1 වන 4 වන 7 වන 10 වන යන කොටු සතරෙහිම  රවි , සඳු , කුජ , බුධ , ගුරු , ශුක‍්‍ර , ශනි  යන ග‍්‍රහයින් සත් දෙනා එකා දෙන්න මෙන් තැන්පත්ව සිටිමයි.

          මෙම  චතුස්සාගර යෝගයෙන් උපන් පුද්ගලයා ආර්ථික හා භව යෝග සමිපත්තියෙන් යුක්තවන , රජයේ උසස් තනතුරු නිලතල දරණ ,  රජයේ රැකියාවක නිරතවන , ගම රට ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධත්වයටත් පත්වෙයි. ශරිර ශක්තිය අතින් හා හොද ප‍්‍රතිශක්ති කරණයකින් ද සමන්විතවන අතර සැපවත් විවාහ දිවියකට ද උරුමකමි කියන , උසස් තත්ත්වයට පත්වන , දරුවන් ලබන කීර්තිමත් හොද සමාජ සේවකයෙක් ද වන්නේය. විශේෂයෙන් කිවයුතු වන්නේ මෙම යෝගය නියමාකාරයෙන් යෙදිමට නමි 1,4 ,7 , 10  යන කොටු සතරෙහිම රාහු , කේතු ග‍්‍රහයින් දෙදෙන හැර සෙසු අනෙක් ග‍්‍රහයින්ගෙන් සතර දෙනෙක්වත් එම ස්ථානයන්හි තැන්පත් ව සිටිමම විශේෂයි.

          *මාලා නාමක යෝගය :-

මෙම මාලා නාමක යෝගය ද දිවිමග සැපවත් කිරිමට හේතුවන ප‍්‍රබල ග‍්‍රහ යෝගයකි.  කිසියමි කේන්දරයක මෙම ග‍්‍රහ යෝගයද යෙදෙන පිළිවෙල මෙසේය.

          රවි ග‍්‍රහයා සමග හෝ සඳු ග‍්‍රහයා සමග හෝ රාහු , කේතු  ග‍්‍රහයින් දෙදෙන හැර වෙනත් කුමන හෝ ග‍්‍රහයින් සතර දෙනෙකු කේන්දර සටහනේ යම් ස්ථානයක සිටිනම් මාලා නාමක යෝගය වන්නේය.

මෙම යෝගයෙන් උපන් පුද්ගලයා උපන් තත්ත්වයට වඩා කිහිප ගුණයකින් උසස් තත්ත්වයට පත්වෙ. ජිවිතයේ මුල් කාලය අගහිගතාවයෙන් පෙලුනත් ( උපන් ජිවන පරිසරය මත ) ජිවිතයේ වයස ගතවන්ට ගතවන්ට ක‍්‍රමයෙන් දියුණුවට පත් වී ස්ථාවර දිවියකට හිමිකමි කියයි. කුමන දුක්පීඩා අගහිගකම් මධ්‍යෙය් නමුදු ජිවිතයේ මුල් කාලය සිටම මෙන් ක‍්‍රමයෙන් අධ්‍යාපන කටයුතු සාර්ථක කර‍ෙගන පවුලට නව එලියක් ලබා දෙන්නේ ද ඇතැමි විට මෙවැනි අයයි.එබැවින් මෙම යෝගය ද පසු කලෙක අගහිගතාවයෙන් තොරව සැපවත් ජිවිතයක් ගත කිරිමට හේතුවන්නේය. තනතුරු නිලතල වරප‍්‍රසාද ලාභියෙකු වන්නේය.

          *හංස යෝගය :-

                මෙයද බෙහෙවින් ශුභඵල ප‍්‍රධානය කරන ප‍්‍රබල ග‍්‍රහ යෝගයකි. කිසියමි කේන්දරයක මෙම ග‍්‍රහ යෝගය ද යෙදෙන පිළිවෙල මෙසේය.

                             කේන්දර සටහනේ ත‍්‍රිකෝණ රාශින් වන 1 වන 5 වන 9 වන කොටු තුනේ සහ 7 වන කොටුවෙහිද රාහු , කේතු  ග‍්‍රහයින් දෙදෙන ද සමගම අනෙක් සියලුම ග‍්‍රහයින් තැන්පත්ව සිටිමයි. මෙම යෝගය නියමාකාරයෙන් යෙදිමට නමි මෙම ඉහතින් සඳහන් කල කොටු සතරට පමණක් සියලුම ග‍්‍රහයින් සීමා වී වෙනත් කිසිදු කොටුවක කිසිදු ග‍්‍රහයෙක් නොසිටිය යුතු බව අවබෝධයට ගන්න. ග‍්‍රහයින් නම දෙනාම මෙම යෝගයට සමිබන්ධ වෙි.

හංස යෝගය  උත්පත්ති කේන්දර සටහනේ යෙදී තිඛිමෙන් සැපවත් ඵලදායක ජිවිතයකට හිමිකමි කියත හැක.ඔවුන් බෙහෙවින්ම ගුණ නුවණින් හා දැන උගත් කමින් යුක්ත වෙ. අවබෝධ ඥාණය , ධාරණ ශක්තිය හොඳින් පවතී. විවිධ දැනුමි සමිභාරයකින් අනුනවන්නේය. මොවුනට විපත් අඩුය. ආගිය තැන කැපි පෙනේ. ගමෙහි  නගරයේ , රටෙි සමාජයේ පිළිගත් තැනැත්තෙකු හෝ තැනැත්තියක බවට පත්වෙි. සැනසිලි දායක සැපවත් ගෘහ හා යුග දිවියක් ගත කිරිමට ලැබෙි. ප‍්‍රධානීන්ගේ ගරු සරු ලබයි. දිළිඳු පවුලක උපන්නත් ක‍්‍රමයෙන් දියුණුවට පත් ව, සිය පරපුරටම ගෞරවයක් ලබා දිමට සමත් වෙයි අ`ගහි`ගතාවයකින් තොරව සුබෝපභෝගී දිවියකට හිමිකමි කිමට වරමි ලැබෙ.

          *නන්දා යෝගය :-

                ෙජ්‍යා්තිෂයෙහි සඳහන් ශුභඵල උදා කරන ග‍්‍රහයෝග අතුරින් දිවිමග සැපවත් කරන ග‍්‍රහයෝගයක්  ලෙස මෙම නන්දා යෝගය ද සඳහන්කල හැක. කේන්දර සටහනක මෙම ග‍්‍රහ යෝගය ද යෙදෙන පිළිවෙල මෙසේය.

                   උත්පත්ති කේන්දරයේ ශනි හෙවත් සෙනසුරු ග‍්‍රහයා ලග්න කොටුවෙ එනමි 1 වන කොටුවෙ සිට බුද ග‍්‍රහයා 5 වැනි කොටුව තුල සිටිමයි. මෙම යෝගයේ බලය හොඳින් ක‍්‍රියාත්මක වීමට නමි නවාංශක කේන්දර සටහනේද ශනි ග‍්‍රහයා තුලා – මකර – කුමිභ – වැනි රාශියකත් බුද ග‍්‍රහයාද නවාංශක සටහනේ මිථුන – කන්‍යා – රාශියකත් සිටිමෙන් ප‍්‍රතිඵල ස්ථිරසාර වන්නේය.

මෙම නන්දා යෝගය යෙදුනු කල දැන උගත්කම ලබන විවිධ ශිල්ප ශාස්ත‍්‍ර හැදැරිමෙ සමත් , ගැඹුරු හා සියුමි විෂයන් හදාරා ඉන් ඵල ප‍්‍රයෝජන ලබන අයෙක් ද වන්නේය. පාරමිපරිකව එන දේ රැකගෙන එවා වැඩි දියුණු කිරිමෙි හැකියාවක් ද මොවුනට ඇත. ප‍්‍රසිද්ධියට පත්වෙි. බොහෝ දෙනාගේ ගරු බුහුමනට ප‍්‍රාත‍්‍රවන නොයෙක් තෑගි භෝග පුද සත්කාරයට මෙන්ම සමිමානයට ද ප‍්‍රාත‍්‍රවන යහපත් දිවියක් ගතකරන උගත් දෙයින් ඵල ප‍්‍රයෝජන ලබන දැහැමි ගුණවත් මෙන්ම ධනවත් භාවයටත් පත්වන යහපත් අයෙකු බවට පත් වන්නේය.

                   *පර්වත යෝගය :-

ශුභදායි ගණයෙහිලා සැලකෙන ග‍්‍රහයෝග අතුරින් එන මෙම පර්වත යෝගය ද දුර්ලභ ග‍්‍රහ යෝග අතුරින් එකකි. කිසියමි කේන්දර සටහනක මෙම ග‍්‍රහ යෝගය ද යෙදෙන පිළිවෙල මෙසේය.

                   උත්පත්ති කේන්දර සටහනේ කේන්‍දස්ථාන සතරේ හෙවත් 1 වන 4 වන 7 වන 10 වන යන තැනක හෝ තැන් දෙක තුනක සඳු – බුද – ගුරු – ශූක‍්‍ර යන ග‍්‍රහයින් සතර දෙනා තනි තනිව හෝ එකා දෙන්නා මෙන් සිට  රාහු – කේතු යන ග‍්‍රහයින් දෙදෙන හඳහනේ 2 වන 6 වන 8 වන 12 වන තැනක නොසිට වෙනත් තැනක සිටිමෙන් මෙම පර්වත යෝගය යෙදේ.

          මෙම පර්වත යෝගයෙන් උපන් පුද්ගලයාහට ද ආර්ථික හා භව බෝග සමිපත් වලින් අඩු පාඩුවක් අ`ගහි`ගතාවයක් ඇති නොවෙි. දෙස් විදෙස් වලට අනු යුක්තව උසස් අධ්‍යාපනයන්හි නිරත වීමටත් අවස්ථාව හැකියාව ලැබෙි. උපන් ගම නගරය රට තුල ප‍්‍රචලිත වන විදියේ දක්‍ෂතා ඇතිවෙි. කුශලතාවයෙන් පරිපුර්ණ අයෙකු ද වන්නේය. ගුණ නුවණ දැන උගත්කම ලබයි. දුප්පත් පීඩිත පවුලක උපත ලැබුවත් ක‍්‍රමයෙන් දියුණු වී පරපුරටම ප‍්‍රධානියෙකුවන තත්ත්වයට පත්වෙි. විශේෂයෙන් මෙම යෝගය ද යෙදුනු කල පුද්ගලයාගේ  දිවිමග සැපවත් කිරිමට හේතු වන්නේය.

          *කුසුම යෝගය :-

         මෙයද ශුභඵල ප‍්‍රධානය කරන තවත් එක්තරා රාජ යෝගයෙහිලා සැලකෙන ග‍්‍රහ යෝගයකි. කිසියමි කේන්දරයක මෙම ග‍්‍රහ යෝගය ද යෙදෙන පිළිවෙල මෙසේය.

                   ගුරු ග‍්‍රහයා 1 වන හෙවත් ලග්න භාවයෙහි සිට සඳු ග‍්‍රහයා 7 වැනි කොටුවෙත් රවි ග‍්‍රහයා 2 වැනි කොටුවෙත් වෙිනමි මෙම කුසුම යෝගය යෙදේ. විශේෂයෙන් නවාංශක කේන්දර සටහනේද රවි , සඳු , ගුරු යන ග‍්‍රහයින් තුලා  – වෘශ්චික – මකර රාශි වලට සමිබන්ධ නොවී නමි මෙම යෝගයේ සඳහන් ශුභඵල ඒ ආකාරයෙන්ම ගෙන දෙන්නේය.

          මෙම කුසුම යෝගයෙන් උපන් තැනැත්තා රජයේ තනතුරු නිලතල වරප‍්‍රසාද ලැඛිමට සුදුසුකමි ඇත්තෙකු වන අතරම  ඔහු හෝ ඇය වෙත නිරායාසයෙන්ම මෙන් සැපසම්පත් හිමිවනු ඇත. මොහු තමාගේ මෙන්ම තම පරපුරේ දියුණුවට පමණක් නොව සමාජයේ දියුණුව උදෙසාද වැඩ කරන අයෙකි.

අවංකය. සෘජු ප‍්‍රතිපත්තියකින් ද යුක්තය. ප‍්‍රිතිමත් ජිවිතයක් ගත කරයි. නොකැලැල් චරිතවත් ජිවන ගමනකට ද හිමිකමි කියයි. යුක්ති සහගතය. තම රැකියාව , තනතුරු නිලතල අනුන්ට අභියෝගයක් කරන අනුන් තලා පෙලා දමන ලෙසට අයුතු ලෙස පාවිචිචි නොකරයි. සමාජ සත්කාරයට සද්භාවයෙන්ම සමිබන්ධ වෙි. උපන් තත්ත්වයට වඩා කිහිප ගුණයකින් උසස් තත්ත්වයට පත්වන කෙනෙකු වන්නේය.

          මෙවැනි ශුභ ඵල ගෙනදෙන රාජ යෝගයන්හිලා සැලකෙන තවත් ග‍්‍රහයෝග රැසක් පවතින අතර ඉදිරියේදි එම ග‍්‍රහ යෝගයන් ද ක‍්‍රමයෙන් හදුන්වා දී පාඨක ඔබෙි දැන ගැනිම උදෙසා මෙසේ ගෙනහැර දක්වන්නේමු.

              බෙන්තොට

              හේමන්ත විරසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *